අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2021 (2022) අ.පො.ස සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගය මැයි 23 සිට 2022 ජුනි 1 දක්වා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ විභාගය පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.