Aboutceylon Online

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම තවදුරටත් පහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම තවදුරටත් සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසිය.

මවුස්සාකැලේ ජලාශ වේල්ලේ උස අඩි 135 ක් වන අතර, එම ජලාශයේ ජල මට්ටම අඩි 57 දක්වා පහල බැස ඇති බවත්, දැනට එම ජලාශයේ ඉතිරිව පවතින ජලයෙන් ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සදහා ජලය ලබා ගන්නා බවයි ඉංජනේරුවරුන් කියා සිටියේ.

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ගත වු දින කිහිපය තුල කඩින් කඩ සුළු වර්ෂාපතනයක් පැවතියද එම වර්ෂාපතනය ජලාශය පිරිමට තරම් ප්‍රමාණවත් නොවන බවද ඉංජිනේරුවරුන් පැවසිය.

රංජිත් රාජපක්ෂ

Scroll to Top