Aboutceylon Online

පසුගිය දිනවල ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය  සති අන්ත නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණ ඇත.

වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නිය නගරයේ පිහිටි මස්කෙලිය ප්‍රාදේශිය සභා රථ ගාලේ සහ පෞද්ගලික රථ ගාල් වල ගාල් කිරිමෙන් අනතුරුව සෙසු වාහන නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ දෙපස කිලෝමිටර් 4 පමණ දුරට ගාල් කර තිබුණි.

සති අන්ත ශ්‍රි පාදස්ථාන ජල පෝෂක ප්‍රදේශයට අධික වර්ෂාව පැවතියද එම අයහපත් කාලගුණයද නොතකා වන්දනාකරුවන් ශ්‍රි පාදස්ථානය කරුණා කිරිම සිදු කරනු ලැබුහ.

හැටන් රංජිත් රාජපක්ෂ

Scroll to Top