වත්මන් ආණ්ඩුවේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් තමන් තවදුරටත් පොදු පෙරමුණ මන්ත්රී ධුරයක් දැරීම ලැජ්ජා සහගත බව පවසමින් ආණමඩුව ප්රාදේශීය සභා මන්ත්රී චන්දන ප්රදීප් කුමාර ජයසිංහ මහතා මාසික සභා වාරය පැවැත්වූ විශේෂ ප්රකාශයක් කරමින් ස්වාධීන මන්ත්රීවරයකු ලෙස අසුන් ගැනීම සිදුවිය.
ඔහු 2011 වර්ෂයේ පළාත් පාලන මැතිවණයට තරග වදිමින් ආණමඩුව ප්රාදේශීය සභාවට තේරීපත් විය.
ආණමඩුව ප්රාදේශීය සභාවේ සභාපති ප්රියන්ත රාජකරුණා මහතාගේ මූලිකත්වයෙන් රැස්වූ සභා
රැස්වීමේදී මෙසේ මන්ත්රීවරයා ඉල්ලා අස්වීම සිදුවිය.
සභාව ඇමතු ප්රදීප් චන්දන කුමාර ජයසිංහ මහතා –
‘‘අපේ මුළු පවුලම ප්රබල ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයො. මහින්ද රාජපක්ෂ මහතා පරාජය වෙද්දී ‘මහින්ද සුළඟ’ ගෙන එන්න අපි කටයුතු කළා.
නමුත් අද මහින්ද සුළඟ මිනිසුන් අසීරුවට පත්කරලා. ඒ සුළඟ අද සුළි කුණාටුවක් වෙලා. ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නෙ. ගොවියො අන්ත අසරණ වෙලා.
එජාපය වාගේ දැවැන්ත පක්ෂයක් බිංදුවට වැටුණා නම් පොහොට්ටුව ගැන මොන කතාද?
ඉහළ නායකයෝ හිතාගෙන ඉන්නවා තාම 69 ලක්ෂයක් තියෙනවා කියලා. අපියි දන්නේ ගමේ තත්ත්වය. හොඳට මතක තියාගන්න පොහොට්ටුව පිපුණාටත් වැඩිය වේගයෙන් පරවෙන බව. මෙය ඉහළ සිට පහළ නායකයන් සියලූ දෙනා දැනගත යුතුයි.
අද මිනිස්සු හැම තැනින්ම තැලෙනවා. තවදුරටත් අපිට රෙදි ඇඳගෙන මේ ආණ්ඩුව තුළ රැඳී ඉන්න බැහැ යැයි පවසමින් මන්ත්රී ප්රදීප් මහතා විපක්ෂයේ අසුන් ගැනීම සිදුවිය.
අමරනන්ද විජේසේකර – මහවැව