නිරිතදිග මෝසම් නිසා දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය වර්ධනය විමක් ඉදිරි දිනවලදි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම්සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණු සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ගම්පහ, කොළඹ, පුත්තලම සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක.
ගිඟුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇති වියහැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා කටයුකු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.