Aboutceylon Online

ඉන්ධන සහ ගැස් අර්බුදය හේතුවෙන් එළවලු වෙළදාම 40% කින් පමණ පහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටේ පවතින ඉන්ධන සහ ගැස් අර්බුදය හේතුවෙන් එළවලු වෙලදාම 40 % කින් පහල බැස ඇති බව සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙටිටිආරච්චි මහතා පැවසිය.

නුවරඑළිය ප්‍රදේශයේදි  විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බව පැවසිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ පවතින ඩිසල් හිගය හේතුවෙන් වාහන වලින් ගොවිපොලට ගොස් ගොවින්ගේ එළවලු අස්වැන්න මිලදි ගැනිමට හෝ ගෝවින්ට තම අස්වැන්න වෙළදපොල වෙත රැගෙන ඒමට නොහැකි තත්වයක් උද්ගත වි ඇති  බවයි.

පවතින ගැස් හිගය හේතුවෙන් සංචාරක ආපන ශාලා ,සංචාරක නිවාඩු නිකේතන ඇතුළු ආපන ශාලා තාවකාලිකව වසා දමා ඇති නිසා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වල එලවලු වෙළදාම පහල වැටි ඇති නිසා ඒ තුලින්ද එළවලු ගොවියා පිඩාවට පත් වි ඇති බවයි.

නුවරඑළියේ සංචාරක කර්මාන්තයේ නියලි සිටින කුඩා පරිමාණ ව්‍යාපාරකයා සහ එළවලු ගොවියාටද  පවතින ඩිසල් , ගැස් හිගය දැඩි බලපැමක් කර ඇත බවත් පවත්නා තත්වය මත නුවරඑළියෙන් එළවලු ප්‍රවාහණයද අඩාලවි ඇති බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top