සුද්දාගෙන් රට මුදවා ගැනිමට එදා ඌව වෙල්ලස්සේ මිනිසුන් ඇරඹු අරගලයට වසර 200ක් සමිපුර්ණ වි තිබෙයි. .සුද්දා මේ වනවිට රට අතහැර ගොසිනි නමුත්, තම පොලොව සුද්දාගෙන් රැකගන්නට ඔවුන්ට අදටත් අරගලකරන්න සිදුව ඇතැයි මෙහි මිනිසුන් කියති.
බදුල්ල දිස්ත්‍රික්කයේ රිදිමාලියද්ද මිරිහන දෙහිගම ප්‍රදේශය මුල්කර ගනිමින් වසර 17ක් තිස්සේ ඇරඹිමට උත්සහ ගන්නා බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය මෙතෙක් අතරමග නැවති ඇත්තේ ඒ කෙරෙහි පවතින මහජන විරෝධය නිසාය. 2006 වසරේදි එංගලන්ත බුකර්ටෙටි සමාගමද,පසුව චීනයේ සි/ස ගුආන්ඩිගොන් ගුආන්කන් සීනි සමුහ සමාගමද මෙරට අයි.එම්.එස් හෝල්ඩින් සමාගම සමග එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට උත්සහ කලද එය අසාර්ථකවිමෙන් පසු රට හැර ගියේය.වර්ථමානයේ මේ ව්‍යාපෘතියට ආයෝජනය කිරිමට එකග වි ඇත්තේ සිංගප්පුරැවේ සි/ස ගැසල්වෙන්චර්ස් (Gazelle Ventures (Pvt)Ltd නමි පෞද්ගලික සමාගම විසිනි.ඊට පහසුකමි සපයන මෙරට හවුල්කාරි සංවිධානය වන්නේ පෙර කි අයි.එමි.එස් හෝල්ඩිං සමාගමයි.
යෝජිත සීනි සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවිය හැකි පාරිසරික හානිය හා සමාජ බලපෑම ප්‍රථමයෙන් අනාවරනය කරන ලද්දේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. පුරා විද්‍යා දෙපාර්ථමේන්තුවද යෝජිත භුමිය පුරාවිද්‍යාත්මකව වැදගත් බව සාක්ෂි සහිතවම පෙන්වා දි තිබිම නිසා ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරිමට බාධා ඇති කලේය.මේ හේතුවෙන් රජය 1979 අංක 23 දරන ශ්‍රි ලංකා මහවැලි අධිකාරි පනතේ 3(1)වගන්තිය ප්‍රකාරව අමිපාර දිස්ත්‍රික්කයේ මහඔය හා පදියතලාව යන ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශ අංක 1130/13 හා 2000.05.04 දිනැති ගැසටි පත්‍රය මගින් හා රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශය 2010.09.02 දිනැති අංක 1130/41 ගැසටි පත්‍රය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදවාගෙන මහවැලි බල ප්‍රදේශයක් ලෙස නමිකලේ එම බාධක ඉවත්කිරිමට බව මෙරට පරිසර සංවිධානවල අදහසයි. මේ ඉඩමි මහවැලි අධිකාරිය වෙත පවරා ගැනිම සමිබන්ධ සියලු තොරතුරැ එල්/රඔ/රඉ/03/13 හා 2013.06.25 දිනැති ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් වරයා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට යොමුකර තිබෙන වාර්ථාවෙන්ද අනාවරනය කර තිබේ.
“රජය ඉතා සුක්ෂමව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න තියෙන බාධක ඉවත්කරන්න කටයුතු කරනවා.මේ ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවෙන්න පුලුවන් පාරිසරික හානිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වල දුන්නම රජය කලේ ඔවුන් සතුව තිබුන මේ ඉඩමි ගැසටි එකකින් ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය යටතට පවරා ගැනිමයි. ඒ වගේමකලින් මේ යෝජිත කර්මාන්ත භුමියේ පුරාවිද්‍යා නටඹුන් තියෙනවා කිවිව ,මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කලොත් මේ භුමියේ විසිර තියෙන ප්‍රාග් අයිතිහාසික ස්මාර්ක වලට හානි සිදුවිය හැකියි කිවිව,එහෙම කිවිව පුරාවිද්‍යා දෙපාර්මේන්තුව පස්සේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අවසර දෙන්නේ කොහොමද?එදා මේ භුමිය දෙන එක නරක්වෙන්නයි,පස්සේ හොදවෙන්නයි හේතුව පුරාවිද්‍යා දෙපාර්තමෙින්තුව පැහැදිලිකල යුතුයි. ඒ වගේම දැන් ගොවියන්ට නඩු පවරා ඔවුන් එම භුමියෙන් ඉවත්කරන ක්‍රියාවලියත් වෙන්නේත්, ඒ හේතුව නිසයි” සොබා පදනම සංවිධානයේ රාජා විදානපතිරන මහතා පවසයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේම සීනි කර්මාන්තශලාව ඉදිකිරිමට යෝජිත භුමිය සදහා අවසර ලබාදි ඇති බව 2008.05.29 දින එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා බිබිල සීනි කර්මාන්ත ශාලාවේ ව්‍යාපෘති සමිබන්ධිකාරක වරයාට යවනලද ලිපියෙන්ද පැහැදිලි වේ. අප මේ සමිබන්ධව එවකට සිටි පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පි.බි මංඩාවල මහතාගෙන් කල විමසිමකදි ඒ මහතා එදා පැවසුවේ,පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කලින් මෙම භුමිය ලබාදිමට විරැද්ධවන්නත් පසුව එකගවෙන්නත් හේතුව සොයා බැලිය යුතු බවයි. නමුත් එදා සිට අද තෙක් සිටි පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරැ මේ සමිබන්ධයෙන් අදහස් දැක්විමද අත්හැරියේය.
බිබිලේ සීනි සංවර්ධන ව්‍යාපෘතිය 2006 වසරේදි ප්‍රථමයෙන් ක්‍රියාත්මක කිරිමට පැමිණියේ එංගලන්ත බුකර්ටෙටි සමාගමයි.ඔවුන් මීට ප්‍රථම බුත්තල පැල්වත්ත සීනි සමාගම ඇරඹිමේ ආයෝජකයාද විය.නමුත් මේ ව්‍යාපෘතිය සදහා එවකටදි විශාල මහජන විරෝධය එල්ල වුහ.ඒ හේතුව නිසා 2006.03.03 දින එවකට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය මංඩල අමාත්‍යංශ අනු කමිටුවේදි ,යෝජිත ව්‍යාපෘති භුමිය පිළිබද ක්ෂේත්‍ර අධ්‍යයකින් පසුව කඩිනමින් වාර්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා වන සංරක්ෂක අධ්‍යක්ෂක ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.ඒ අනුව එවකට වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල් එමි.ජි සරත් ප්‍රනාන්දු මහතා 2006.03.16 හා 17 යන දිනවල එම ව්‍යාපෘති භුමියේ සංචාරය කරමින් මේ පිලිබදව වාර්ථාවක් සකස්කලේය.මේ සදහා අතිරේඛ ලේඛමි (ඉඩමි),පළාත් ඉඩමි කොමසාරිස්,ඌව,මධ්‍යම පළාතේ නියෝජ්‍ය වන සංරක්ෂක,මැණුමි අධිකාරි,බදුල්ල දිසා වන අධිකාරි හා ප්‍රදේශයේ අඩවි වන නිළධරින් එක්ව සිටියෝය.එහිදි ඔවුන් මේ ව්‍යාපෘතිය සමිබන්ධයෙන් නිර්දේශ කීපයක් ලබා දුන්නේය.ඔවුන් එහිදි පෙන්වා දි තිබුනේ මෙම භුමිය අමිපාර සේනානයක සමුද්‍රයේ ප්‍රධාන ජල පෝෂකය බැවින් දිර්ඝ කාලිනව මෙම ඉඩමි බදුදිම නිසා ජලාශයට ඉතා අහිතකර ලෙස බලපා හැකි බවයි.එමෙන්ම සමාගම මුඩු බිමි ලෙස හදුන්වා දි තිබු ඇතැමි ඉඩමි කොටස් නිල්ගල වනාන්තරයේ කොටස් බවත් එම ඉඩමි මොනම විදිහටවත් ලබා දිය නොහැකි බවත් අවධාරණය කර තිබුණි.එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම නිසා මෙතෙක් නැති අලි-මිනිස් ගැටුමක් ඇතිවිය හැකි බවද ,මෙම ප්‍රදේශය වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වාරක්ෂක කලාපයට මායිමිව පිහිටා ඇති බැවින් හා අමිපාර සේනානයක සමුද්‍රෙය් ජල පෝෂක කලාපය බැවින් මේ සදහා වනජිවි හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අදහස්ද සැලකිල්ලට ගතයුතු බව ද මෙම වාර්ථාව මගින් පෙන්වා දි තිබුණි.
මේ අතර එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයාගේ දැනුමිදිමෙන්,ඌව පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකගේ උපදෙස් මත දියතලාව ප්‍රාදේශීය කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර එමි රංජිත් කුමාර මහතාගේ මුලිකත්වයෙන් ඇකිරියන් කුඹුර දෙහිගම සීනි කර්මාන්තය ඉදිකිරිමට යෝජිත භුමියේ 2007 ඹක්කොමිබර් මස 09,10,හා 11 යන තෙදින තුල පුරාවිද්‍යා ගවේෂණයක් සිදුකර තිබුනේය.ඒ සදහා දියතලාව පුරා විද්‍යා කාර්යාලයේ පරාක්‍රම බන්ඩාර,සමීර ආරියතිලක යන පුරාවිද්‍යා පරියේෂණ සහකාරවරැන්ගේ සහය එමි රංජිත් මහතාට ලැබි තිබුණි.එම වාර්ථාවට අනුව පුරාවිද්‍යා නිළධාරින් මෙම භුමිය නමිකර තිබුනේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නිල්ගල රක්ෂිතයේ කොටසක් ලෙසය.එහිදි යෝජිත කර්මාන්තශාලා භුමියේ මැදගොඩ නමි ස්ථානයේ කටාරමි හා ගල් පඩිපෙළවල් සහිත ගල් ලෙන් රැසක්ද,අවශේෂ වු ඉපැරණි ගොඩනැගිලි නටඔුන් රැසක්ද දක්නට ලැබෙන බව පෙන්වා දෙන ලදි.එමෙන්ම එම ගොඩනැගිලි අවශේෂයන්ට වයඹ දිශාවෙන් මිටරි 400ක් පමන දුරින් පැරණි ස්ථුපයක කොටස් හා වාරි කර්මාන්තයක ලක්ෂණ හමුවන බවත් මෙම වාර්ථාව මගින් අනාවරණය කලහ.ඊට අමතරව වැවට ඊශාන දිසාවෙන් මිටර් 100ක් පමන දුරින් පැරණි සොහොන් කොත් රැසක් හමුවන බවත් වෙනත් පුරා විද්‍යාත්මක වටිනා කමකින් යුත් නටඹුන් තැනින් තැන විසිර පවතින බවත් හෙළිකර තිබුනි. ඒ අනුව යෝජිත සීනි කර්මාන්තශාලා භුමිය පුරා විද්‍යාත්මකව වටිනා ස්ථාන රැසක් දක්නට ඇති බවත් මෙම ස්ථානය මාදුරැ ඔය ආශ්‍රිත ස්ථානයක් නිසා සියුමි ගවේෂණයකට ලක්කලහොත් තවත් වටිනා පුරා විද්‍යාත්මකව වටිනා ස්ථාන ,ප්‍රාග් අයිතිහාසික මෙවලමි සොයාගැනිමට හැකි බව වාර්ථාකර තිබුණි.
මේ සමිබන්ධයෙන් පසුගියදා මෙම භුමියේ ගවේෂණයට එක්වු හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයකු වු සෙනරත් දිසානායක මහතා පැවසුවේය. මෙතෙක් ගවේෂණයට ලක්නොවු පුරාවිද්‍යා භුමියක් මෙි ආකාරයට උක් කර්මාන්ත ශාලාවක් ඇරඹිමට රජය ගන්නා උත්සහය සියලු දෙනා එක්ව පරාජය කල යුතු බවයි.
“අපි මෙම සංචාරයේදි යෝජිත කර්මාන්තශාලාව ඇරඹිමට යොජිත භුමියේ පමනක් පුරාවිද්‍යාත්මක වටිනාකමි සහිත ස්ථාන 10ක් පමණ නිරික්ෂණය කලා.අහස්දුර සැලකුවාම මේවා එකිනෙකට ඉතා සමීපවයි පිහිටා තිබුනේ, ඒ අනුව මේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරිමට යෝජිත සමස්ථ කලාපයේම, ප්‍රාග් ඵෛතිහාසික ස්ථාන හැර මෙවැනි ස්ථාන දහස්ගනනක් තිබිය හැකියි.ඒ නිසා රජය මෙහි උක්වගා වයාපෘතියක් ආරමිභකරලා සිදුකිරිමට යන විනාශය පරාජයකල යුතුයි. එහෙම නොවුනොත් අපිට අපේ උරැමය බලන්න සමාගමිවලින් අවසරගන්න වේවි” ඒ මහතා එහිදි තව පැවසිය.
මෙම චාරිකාවට කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා පිඨයේ හිටපු පීඨාධිපති ජේෂ්ඨ මහාචාර්ය චන්දන අබේරත්න මහතාද එක්ව සිටියේය. ඒ මහතා මෙහිදි පැවසුවේ, මෙම ප්‍රදේශය මෙරට ගිණිකොණ දිග ආර්ය ජනාවාසවල ප්‍රධාන කලාපයක් බව මෙම සංචාරයේදි හමුවු පුරාවිද්‍යා සාධක මගින්ද සනාථවන බවයි.
“පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එවකට කල ගවේශණයකින්ම මෙම භුමිය පුරාවිද්‍යාත්මකව කොපමන වටිනාකමක් තියෙනවද කියලා පෙන්වලදිලා තිබුනා.ඒ වගේම ඔවුන් මේ කර්මාන්තශාලාව මෙතන ඉදිකිරිම නුසුදුසු බවත් කියලා තිබුනා.නමුත් පසුව මේ සීනි කර්මාන්තශාලාව හදන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර ලබා දි තියෙනවා.එහෙම වුනේ කොහොමද කියලා අපට ප්‍රශ්ණයක්, බෞද්ධ සංස්කෘතිය වැලලිලා තියෙන භුමියක් මෙි විදිහට ඩෝසර් කරලා දාලා බහුජාතික සමාගමිවලට දෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ.” බිබිල ශාසනාරක්ෂක බලමංඩලයේ ලේඛකාධිකාරි පුජ්‍ය දොඩමිගොල්ලේ සෝරත හිමියෝ කියති.
කෙසේ නමුත් මේ වනවිට පුරාවිද්‍යා,වන සංරක්ෂණ,මධ්‍යම පරිසර අධිකාරිය පමනක් නොව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු අනෙකුත් සියලු පාර්ශවයන් මෙම ව්‍යාපෘතිය සදහා අනුමැතිය ලබා දි තිබේන බව අප කල සොයාබැලිමෙිදි අනාවරණය විය. කෙසේ නමුත් කාගෙන් මේ සදහා අනුමැතිය හිමිව තිබුනද මෙතෙක් මේ සදහා ඇති ජනතා අනුමැතිය ලැබි ඇති බවක් නොපෙනේ.
වර්ථමානයේ මෙම සීනි සංවර්ධන ව්‍යපෘතිය සදහා ආයෝජනය කිරිමට එකග වි ඇති සි/ස ගැසල්වෙන්චර්ස් නමි පුද්ගලික සමාගමයි. ඔවුන් මෙම ව්‍යාපෘතිය සදහා ආයෝජනය කිරීමට එකග වි ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 152.25 කි.මෙමගින් ශ්‍රි ලංකාවේ සීනි අවශ්‍යතාවයෙන් 14 %ක් එනමි මෙට්‍රික් ටොන් 80,000ක්,මොලැෂස් මෙට්‍රික්ටොන් 36,000ක්,සත්ව ආහාර මෙට්‍රික් ටොන් 40,000ක් ,කාබනික පොහොර මෙට්‍රික් ටොන් 12000ක්, හා මෙගාවෙටි 20ක පරිසර හිතකාමි පුනර්ජනනිය බලශක්තියද නිපදවිමට බලාපොරොත්තුවන බව එම සමාගම ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති වර්ථාවේ දැක්වේ.එමෙන්ම මින් සෘජු රැකියා අවස්ථා 1000ක් හා වක්‍ර රැකියා අවස්ථා 25000ක් හිමිවන බව පෙන්වා දි තිබේ.ඊට අමතරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බිබිල සීනි කර්මාන්ත සමාගමේ සමිපුර්ණ කොටස් ප්‍රමානයෙන් 88 %ක් සිංගප්පුරැවේ ගැසල් වෙන්චර්ස් පෞද්ගලික සමාගම (Gazelle Ventures (PVT)Limited සතුවන බවද,සියයට එකක් ඊට සහයවෙන මෙරට සීමා සහිත අයි.එමි.එස් හෝල්ඩිං සමාගම සතුවෙන බවද පවසයි.එපමනක් නොව සමිපුර්ණ කොටස්වලින් තවත් සියයට එකක් වගා ගිවිසුමි මගින් උක් වගාකරන ගොවියන්ට හා තවත් සියයට එකක් ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය සතුවෙන බව මෙම ව්‍යාපෘති වර්ථාව මගින් පෙන්වා දි තිබේ.මෙමගින් කර්මාන්තශාලාව ඉදිකිරිමට මහවැලි අධිකාරියෙන් ලබාගන්නා හෙක්ටයාර 149 ක භුමිය සදහා ගෙවන බදු මුදලට අමතරව සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාධනය කරන සෑම සීනි කිලෝවක් සදහාම ශත විසිපහක පහසුකමි ගාස්තුවක් ගෙවිමටද,ගැසල්වෙන්චර්ස් සමාගම එකග වි ඇත.මේ සියලු කාරනා ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ගාමිණි රාජකරැණා මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට යොමුකර තිබෙන ලිපියකින්ද සනාථකර තිබේ.
“ගැසල්වෙන්චර්ස් සමාගම මේ සියලු කාරනාවලට එකගවෙන ගමන්,ඔවුන් අක්කර 37500ක් උක්වගා කරන්න මහවැලි අධිකාරියෙන් ඉල්ලනවා.ඒක සෘජුව නොකිවිවට ඔවුන් කියන්නේ වන සංක්ෂණය දෙපාර්තමේන්තුව ඇතුලු මිනිසුන් මෙතෙක් කාලයක් වගාකල ඉඩමි නව පනතින් මහවැලි අධිකාරියට පවරගත්ත නිසා,ඒ ඉඩමි උක් වගාකරන්න කැමති මිනිසුන් අතර බෙදා දෙන්න කියලයි.ඊට අමතරව ඔවුන් තවත් අක්කර 7500ක් ග්ලිරිසිඩියා වගාවකටත්, මහවැලි අධිකාරියෙන් ඉල්ලා තියෙනවා.කර්මාන්තශාලාව ඉදිකරන්න රිදිමාලියද්ද දෙහිගම ප්‍රදේශයෙන් අක්කර 372ක් සහ අක්කර 130ක් පැල තවාන සදහා අවශ්‍ය බවත් සමාගම කියනවා.මහවැලි අධිකාරිය මේ වන සංරක්ෂනය සතුව තිබු කැලැ ඉඩමි ටිකයි,මහඔය,පදියතලාව,රිදිමාලියද්ද,වගේ ප්‍රදේශවල අහිංසක මිනිසුන් වගාකරගෙන ජිවත් වු සාරවත් භුමියයි පවරාගෙන සමාගමට දෙන්න යන්නේ සියයට එකක වගේ සුලු ලාභයකටයි.මේ සමස්ථ ලාභයෙන් සියයට අසු අටකම හිමිකම තියෙන්නේ සිංගප්පුරැ සමාගමටයි. අනික මේ සමාගම සෑම වසරකම ඔක්තොමිබර් සිට මාර්තු දක්වා කාලයේ මාදුරැඔය ජලාශයෙන් කර්මාන්ත ශාලාවට හා පැල තවාන නඩත්තුවට ජලය කියුබික් මීටර් මිලියන 1.5ක් ලිටරය ශත 25 බැගින් ඉල්ලා තියෙනවා.ඒ විතරක් නෙමෙයි තවත් ජලය කියුබික් මිටර් මිලියන 1.5ක් නල ලිං ආශ්‍රයෙන් සපුරාගන්නා බව ඔවුන් කියනවා.මේ කාරනා දෙකම බරපතලයි.අපි දන්නා මේ පවතින කාලගුනික විපර්යාසයන් සමග මෝසම් වර්ෂා මගින් ඒකාකරි වර්ෂාවක් බලාපොරොත්තු වෙන්න බැහැ.එවන් අවස්ථාවක මාදුරැඔයෙන් මෙපමන ජල ප්‍රමානයක් ගත්තොත් ඒක එම ගොවි ව්‍යාපාරය යටතේ වගාකරන විශාල ගොවියන් ප්‍රමානයකට සෘජුව බලපානවා.ඒ වගේම භු ගත ජලය මෙපමන ප්‍රමානයකින් ගැනිමෙන් ප්‍රදේශයේ භු ගත ජල මටිටම අඩුවි විශාල පාරිසරික හානියක් සිදුවිය හැකියි”. පරිසර යුක්ති කේන්දුයේ අධ්‍යක්ෂක මෙන්ම මෙරට ප්‍රකට ජේෂ්ඨ පරිසර විද්‍යාඥයකු වන හේමන්ත විතානගේ මහතා පවසයි.
1978 අංක 23 දරන ශ්‍රි ලංකා මහවැලි අධිකාරි පනතේ 3 (1) වගන්තිය යටතේ අමිපාර දිස්ත්‍රික්කයේ මහඔය,පදියතලාව,හා රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකමි කොටිඨාශ පිලිවෙලින් 2000.05.04 හා 2010.09.02 දින නිකුත් කල ගැසටි නිවේදන දෙකකින් පවරා ගත්බව අප මිට පෙරද සදහන් කලෙමු.මෙහිදි වන සංරක්ෂන දෙපාර්තමේන්තුව සතු විශාල කැලෑ ඉඩමි ප්‍රමානයක්ද මහවැලි අධිකාර්ය වෙත පවරා ගන්නා ලදි.එසේ පවරාගන්නා ලද වන සංරක්ෂනයේ විශාල ඉඩමි ප්‍රමානයක් ඇත්තේ ගල්ඔය හා මාදුරැඔය වනෝද්‍යානවල ස්වාරක්ෂක කලාපය තුල බවත් මෙම ප්‍රදේශයන් සියල්ල වන අලි සුලභව ගැවසෙන හා වන අලි ගමන් මාර්ග වැටි ඇති බවත් ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සත්වවේදි පුබුදු වීරරත්න මහතා පෙන්වා දෙයි.
“කර්මාන්ත ශාලාව ඉදිකරන්න යන්නෙත් වන අලි පිවිසුමි මාර්ගයක් හරස් කරලා.මේ වැඩෙන් නැති අලි මිනිස් ගැටුමක් කලාපයේ හදනවා.අනික මෙවැනි ව්‍යාපෘතියකදි සමස්ථ ව්‍යාපෘතියට පරිසර බලපෑමි තක්සේරැ වාර්ථාවක් (Environment Impact Assessment )කැදවිම කල යුතු වුනත් ඔවුන් කර්මාන්තශාලාව ඉදිකරන්න යන හෙක්ටයාර 149 සදහා පමනත් පරිසර බලපෑමි වාර්ථාවක් කැදවා අනිත් භුමිය අමතක කරනවා.ඒ කරන්නේ හිතාමතාමයි.ඒක වැරදි වැඩක්” පුබුදු වීරරත්න මහතා තවදුරටත් පැවසීය.
මේ පිලිබදව අප පරිසර නීතිවේදි ජගත් ගුණවර්ධන මහතාගෙන් විමසිමකදි ඒ මහතා පැවසුවේ,ගැසල්වෙන්චර්ස් සමාගම පරිසර ඇගයීමි තක්සේරැව සිදුකරන්නේ අදාල කර්මාන්ත ශාලා භුමිය අයත් හෙක්ටයාර 149 ට පමනක් නමි එය කිසිසේත් පිළිගත නොහැකි බවයි.
“ඔවුන් අදාල ව්‍යාපෘති භුමියටම පරිසර ඇගයිම කලයුතුයි.ඒක කොටසකට විතරක් කිරිම පිලිගන්න බැහැ.තවම ඔවුන් වගාව ආරමිභ කරලා නැහැනේ මොකද වෙන්නේ කියලා බලමුකෝ” හෙතෙම පැවසීය.
මෙරට ජේෂ්ඨ පරිසරවේදියකු වන සජිව චාමිකර මහතා දෙහිගම මෙම කර්මාන්ත ශාලාව ආරමිභකිරිමට යෝජිත භුමියේ සිදුකල සංචාරයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ මෙවැනි කථාවකි.
“මෙම උක්වගා ව්‍යාපෘතිය සදහා අක්කර 65000ක භුමිය යොදාගන්න ගන්න සුදානමි වෙන්නේ මෙරට අනන්‍ය ජෛව කලාප හතරින් එකක් වු ඌව පතන්බිම මුලිකකරගෙනයි.මෙම කලාපය විශාල ජෛව විවිධත්වයක් සහිත වනඅලි සුලභ, ඔවුන්ගේ සංචරණ මාර්ග රැසක් වැටි ඇති එමෙන්ම ඉතා ජලසංවේදී කලාපයක්, ඒ වගේම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට සුදානමි වෙන්නේ නීති විරෝධි ආකාරයටයි. අදාල සමාගම නිවැරදි ආකාරයට පරිසර බලපෑමි තක්සේරැවක් සිදුකර නැහැ.ඒ වගේම ඉඩමි අත්පත්කර ගැනිමත් බලහත්කාරය යොදවලයි කරන්නේ, අනික මෙම කලාපයේ සාමිප්‍රදායිකව දශක ගනනාවක් තිස්සේ හේන්වගාව සිදුකරගෙන යන ගොවින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් එයින් ඉවත්කලොත්, ඒ අය ඔවුන්ගේ පැවැත්ම සදහා හේන් කිරිමට අලුතින් කැලැ එලිපෙහෙළි කරන්න පුලුවන්, ඒක තවත් විනාශයක මුලක් ඒ නිසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කලොත් ඇතිවිය හැකි පාරිසරික විනාශය අති විශාලයි”
ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය පනතේ 13(6) වගන්තිය යටතේ ඔවුන් පවරාගත් ඉඩමිවල ,ඉඩමි පරිපාලනය ,වගා කිරිම ,නඩත්තු කිරිම,බදුදිම,මිලදි ගැනිම,විකිණිම, ඇතුලු සියලු හිමිකාරිත්වය හිමිවන්නේ මහවැලි සංවර්ධන අධිකාරියටය.ඒ අනුව ඔවුන් පවරාගත් එම ඉඩමිවල ඇති වනාන්තර වල හිමිකාරිත්වය කාටද යන්න අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියකුගෙන් කල විමසිමකදි ඔහු මෙසේ පැවසිය.
“ඇත්තෙන්ම ඒ කැලෑ ඉඩමිවල අයිතිය පැවරෙන්න ඕන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එහෙම නොවුනොත් ඒ කැලෑ ඉඩමි අනාරක්ෂිත විය හැකියි.මා දැනුවත්ව මේ සමිබන්ධයෙන් මහවැලි අධිකාරියත් එක්ක වන සංරක්ෂන දෙපාර්තමේන්තුව සාකච්ජා කිපයක් කලා.මේ සාකචිජා සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරිනුත් සහභාගි වුනා නමුත් අවසන් තීරණයකට ආවේ නැහැ”මෙම වන සංරක්ෂණ නිළධාරියා එහිදි තවදුරටත් පැවසිය.
මහවැලි අධිකාරිය විසින් අයි.එමි.එස් හෝල්ඩිං සමාගම වෙත රිදිමාලියද්ද දෙහිගම ප්‍රදේශයෙන් පවරා දි ඇති ඉඩමේ අනවසරව ඉන්නා පිරිස්ට ඉවත්වෙන ලෙස අයි.එමි.එස් හෝල්ඩිං සමාගම දැනුමි දි තිබුණි.එසේ ඉවත්වෙන පිරිසට අක්කරයට රැපියල් 50,000ක කරැණා සහගත දීමනාවක්ද ලබාදීමට සමාගම එවකටදි කැමැත්ති බව ප්‍රකාශ කලේය. මේ බව එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක සි.ඩබි.ජයසේකර මහතා 2018.06.22 ඇකිරියන් කුඹුර කේ.එචි.එමි ප්‍රේමසිරි බණ්ඩාර නමි ගොවි මහතාට එවනලද ලිපියකින් හෙලිවේ.කෙසේ නමුත් අයි.එමි.එස් හෝල්ඩිං සමාගම, අවස්ථා කිපයකදිම මෙම ව්‍යාපෘති භුමියේ ඔවුන්ගේ කර්මාන්තශාලාව ආරමිභකිරිමට පැමිණියද ගමිවැසියන් ඊට ඉඩ නොදුන්හ.
“ෆැක්ටරිය ඉදිකරන්න යන භුමිය අපි පාරමිපරිකව බුක්ති විදින එකක් .මේ ඉඩමට සින්නක්කර ඔප්පු තියෙනව අය ඉන්නවා.තවත් පිරිසකට බලපත්‍ර තියෙනවා.විශාල පිරිසකට 1989 අවුරැද්දේදි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා ජනසවි කාර්යසාදන ඉඩමි කියලා මේ ඉඩමි බෙදලා දුන්නා.ඔවුන් දැන් ඒවා බුකිති විදිනවා.එහෙමනමි අපි අනවසර පදිංචි කාරයෝ වෙන්නේ කොහොමද?අපිට කාගෙවත් කරැණාසහගත දීමනා අවශ්‍ය නැහැ.අපිට කාටවත් අතපාල ජිවත්වෙන්න අපි හිගන්නො නෙමෙයි.අපි මේ පොලොව එක්ක ඔටිටු වෙලා කාටවත් අතනොපා ජිවත්වෙනවා.අපි කාටවත් කොමිපැණිවල කුලිකාරයෝ වෙන්න ඕන නැහැ.අපිව මේ පොළොවේ මරලා දැමිමත් අපි අපේ ඉඩකඩමි දාල යන්න සුදානමි නැහැ” රිදිමාලියද්ද දෙහිගම කන්ඩිඅරාව ප්‍රදේශයේ ගොවිමහතෙකු වන ප්‍රේමසිරි බණ්ඩාර පවසයි.
මේ අතර ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය විසින් පසුගියදා දෙහිගම ප්‍රදේශයේ ගොවිපවුල් 07කට ඉකුත් 07 දා අධිකරණයෙන් ලබාගෙන තිබු නෙරපීමට නියෝග රැගෙන විත් ඔවුන්ගේ ඉඩමි ඩෝසර් යොදා එළිපෙහෙලි කිරිමට කටයුතු කිරිමත්, පසුව නැවත ඩෝසර් සමග පසුගිය 08දා පැමින ගොවි ඉඩමිවලට ඇතුලුවිමට, මහවැලි නිළධාරින් උත්සහ කිරිමත් හේතුවෙන් රිදිමාලියද්ද දෙහිගම ගමිවාසිහු කලබල වුහ.ඔවුන් ඊට එරෙහිව වීථි බැස්සහ.
ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය විසින් ඔවුන්ට අයත් රිදිමාලියද්ද දෙහිගම මිරහන ප්‍රදේශයේ ඉඩමි හෙක්ටයාර 149ක් ගොවිපවුල් 46ක් විසින් අනවසරයෙන් අල්ලාගෙන වගාකරන බවට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරැ නඩුවකට අදාලව ,මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නෙරපීමේ නියෝග නිකුත්කර තිබුණි.
“ දෙහිගම ප්‍රදේශය මුල්කරගෙන උක් කර්මාන්තශාලවක් අරඹන්න දැන් අවුරැදු 17ක් තිස්සේ බලයේ සිටි ආන්ඩු උත්සහකරනවා. ඒ සදහා මොණරාගල, බදුල්ල සහ අමිපාර දිස්ත්‍රික්ක වලින් අක්කර 62500ක් යොදාගන්න නියමිතයි.මේ ව්‍යාපෘතියේ කර්මාන්තශාලාව ඉදිකරන්න යන්නේ අපි අවුරැදු හතලිහකට වඩා වැඩි කාලයක් වගාකරගෙන ඉන්න භුමියකයි. ඇත්තෙන්ම මේ ඉඩම් වල අපේ ගොවියෝ 163කු වගාකටයුතු කරනවා, එයාලා වගාකරාට ඒ ඉඩමිවලට බලපත්‍රයක්වත් නැහැ, නමුත් මහවැලි අධිකාරිය කලේ මේ කර්මාන්තශාලාව ඉදිකරන්න යන හෙක්ටයාර 149ක භුමියේ අනවසරයෙන් වගාකරන්නේ ගොවියෝ 46කු විතරයි කියලා අධිකරණයට අසත්‍ය කරැණු වාර්ථාකරලා අපේ මිනිස්සු මිනිස්සු පියවරෙන් පියවර දැන් එළියට දාන්න කටයුතු කරන එකයි. මහවැලියේ මහත්තුරැ පෙරේදා පොලිසිය සහ කුලියට ගත්ත 200ක විතර පිරිසක් එක්කගෙන ඇවිත් මේ ගොවියන්ගේ වගාවන් ජේ.සි.බි යන්ත්‍රයක් දාලා විනාශ කරලා තවත් වගාවන්කපලා විනාශකරලා, වැටවල් ගහන්න ලීත් ගෙනත්දාලා ගියා” දෙහිගම ප්‍රදේශයේ තරැණයකු වන ආර්.බි.ටි.එම් සංජිව (34) මහතා පැවසීය.
බිබිලේ සීනි ව්‍යාපෘතිය සමිබන්ධයෙන් මේ වන විට දඹාන ආදිවාසි නායක ඌරැවරිගේ වන්නිලා ඇත්තන් හා රතුගල ආදිවාසි නායක මහ බණ්ඩලාගේ සුදා වන්නිලා ඇත්තන්ද විරෝධය පලකර තිබේ.ඔවුන් පවසන්නේ උක්වගාව පරිසර හිතකාමි නොවන විනාශකාරි වගාවක් බවයි.මින් ගල්ඹය හා මාදුරැඹය වනෝද්‍යානවලටත් නිල්ගල රක්ෂිකයටත් හානිකර බලපෑමි එල්ලවිය හැකි බව ඔවුහු කියති.
බුත්තල පැල්වත්ත ජනාවාස 16 ප්‍රදේශයේ මීට කලකට වැඩවිසු වර්ථමාන රිදිමාලියද්ද කනවේගල්ල මාලිගාතැන්න විහාරයේ හිටපු විහාරාධිකාරි පුජ්‍ය බිබිලේ ධමිමාලෝක හිමියන් පවසන්නේ සංවර්ධනය මුවාවෙන් පහළ ඌවේ ජනයාට අත්කර දි ඇති ඉරනම බිමිතැන්නට හිමිකර නොදිය යුතු බවයි.
“පැල්වත්ත නිසා මොනරාගල දියුණු වුනා කියනවා.ඒ දියුණුවට යටින් තියෙන තත්වය බලන්න පැල්වත්තේ ජනාවාසවලට යන්න.ඒ මිනිස්සු කොච්චර දුක් විදිනවද බලන්න.ඔවුන් උපන් බිමේම කුලිකාරයෝ වෙලා ඉන්නේ.හැම මනුස්සයෙක්ම සමාගමේ ණය කාරයෝ, ඔවුන්ට බොන්න වතුර නැහැ.අලියෝ පැය විසිහතරෙම ගමිවදිනව,වකුගඩු රෝගින්ගෙන් ජනාවාස පිරිලා.මම පැල්වත්තේ පංසල අතඇරලා බිබිලට ආවේ මගේ වකුගඩු දෙකම නරක්විගෙන එනවා ඉක්මනින් පැල්වත්තෙන් යන්න කියලා වෛද්‍යවරැන් කිවිව නිසයි.ඒ විතරක් නෙමෙයි.කර්මාන්තශාලාවේ බැගැෂ් නිසා මේ ජනාවාස වල ස්වසන රෝගින්,ඇස් රෝගින් විශාල පිරිසක් ඉන්නවා. මේකද සංවර්ධනය එහෙම සංවර්ධනයක් බිමිතැන්නට අවශ්‍ය නැහැ” උන් වහන්සේ පවසයි.
බහුජාතික සමාගමිවලට ඌව වෙල්ලස්සේ ඉඩමි පවරාදීමට එරෙහිව කරන අරගලයේ මුලිකත්වය රැගෙන ඇත්තේ ඌව වෙල්ලස්ස ජනඅයිතින් සුරැකිමේ සංවිධානයයි.එම සංවිධානයේ කැදවුමිකරැ හිටපු පළාත්සභා මංත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා මේ සමිබන්ධයෙන් පවසන්නේ මෙවැනි කථාවකි.
“මහවැලිය හැදුවේ ගොවියට ඉඩමි දෙන්න දැන් මේ ඉඩමි ගොවියන්ගෙන් උදුරලා කොමිපැනිකාරයන්ට දෙන්න යනවා.ජනාධිපතිතුමා ගම සමග පිළිසදරක් වැඩසටහණට පහුගිය දවසක හල්දුමිමුල්ලේ කුමාරගමට ආවා.අපි බස් පිටින් පුරවලා ජනාධිපති හමුවෙන්න මිනිස්සු මෙහෙන් හල්දුමුල්ලට යැවිවා රටේ ප්‍රධාන පුරවැසියා මුණගැහිලා මේ ප්‍රශ්ණය විසදගන්න කියලා, මිනිස්සු ජනාධිපතිතුමාට ප්‍රශ්ණය යොමුකලාම එතැනදි ජනාධිපතිතුමා නිළධාරින්ට දොස්කිවිවා කිවිවා මගේ කටෙන් පිටවෙන වචන රජයේ චක්‍රෙල්ඛණ වගේ,ඒ නිසා ගොවියන්ට දාලා තියෙන නඩු ඉවත්කරලා ඒ බිමි ගොවියන්ට වගාකරන්න දෙන්න කියලා. ඊට පස්සේ මිනිස්සු ඇවිත් මේ ඉඩමිවල වගාකලා,දැන් ඇයි ඇවිත් මිනිස්සුන්ගේ වගාබිමි ඩෝසර්කරන්න හදනවා.අපි මේ ගෙනියන්නේ අවුරැදු 17ක සටනක්,මෙතන දේශපාලනයක් නැහැ. මෙතැන හැම පක්ෂයේම අය ඉන්නවා, මේක අලි ඉන්න මහ කැලයක් මේක විනාශකරන්න දෙන්න බැහැ.අද මේ කොමිපැණිකාරයන්ට දෙන්න පවරගන්න යන්නේ අවුරැදු ගනනාවක් හේනකල භුමියකුයි.ඒ ගේම මෙතැන ස්ඨුප තියෙනවා, පැරණි වැවි තියෙනවා,කටාරමි ලෙන් තියෙනවා.මේ ඉඩමි මිනිස්සු වගාකලාට ඒවට ඔප්පු නැහැ.ආන්ඩු ඔප්පු දුන්නෙත් නැහැ.ඔප්පුවක් හදාගන්න මේ අහිංසක මිනිස්සුන්ට වැටහිමකුත් නැහැ.ප්‍රේමදාස ජනාධිපති කාලේ ජනාධිපති කාර්ය සාධක බලකායක් දාලා මිනිසුන්ට බෙදලා දුන්න ඉඩමි මේවා.නිළධාරි ඒ වැඩපිළිවෙල ඉස්සරහට ඇරන් ගිහින් ඔප්පුව දුන්නේ නැහැ.ඒක ඒ මිනිස්සුන්ගේ වරදක් නෙමෙයි” හෙතෙම පවසයි.
නයනජිව බන්ඩාර | Nature Foundation