රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්රහාරය හේතුවෙන් නේටෝ සංවිධානය සිය හමුදා බල මුළු තර කරමින් සිටි.
මේ වන විට රුසියා දේශ සීමාව ආසන්නයේ නේටෝ හමුදාවන් සීරුවෙන් තැබීමට එම සංවිධානය කටයුතු කර තිබේ.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පවසන්නේ තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට කර ඉවරයි යුධ ශක්තිය පෙන්වීමට රුසියාව සූදානම් බවයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා රුසියාවෙන් ඉල්ලා ඇත්තේ දැනටමත් බොහෝ පිරිසක් මිය ගොස් ඇති නිසා වහාම යුද්ධය නතර කරන ලෙසයි.
ඊට ප්රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන් කිසිසේත්ම යුක්රේන භූමිය අල්ලා ගැනීමක් සිදු නොකරන බවත් රුසියාවට එරෙහිව සන්නද්ධව යුක්රේනයේ සිටින්න්න් නිරායුධ කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බවත්ය.