ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වූ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර බලයෙන් හා ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (22) දැනුම් දුන්නේය.
එමෙන්ම විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් දැනුම් දී ඇතැයි ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
පනත් කෙටුම්පතේ ඇති, ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවීම මත ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මේ තීරණය ගෙන ඇති බව ද කථානායකවරයා පැවසීය.
පාර්ලිමේන්තුවේ ඊයේ (22) දිනට නියමිත කටයුතු ආරම්භ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් මේ බව සඳහන් කළේය.