Aboutceylon Online

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම තවදුරටත් පහල බසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයට අලුයම් කාලයේ ඝන මිදුම් තත්ත්වයක් , කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම තවදුරටත් පහල බසි.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල අලුයම කාලයේ පවතින ඝන මිදුම් තත්ත්වයක් හේතුවෙන් ප්‍රධාන මාර්ග වල රථ වාහන ධාවනයට බාධා පැමිණ ඇත.

හැටන් කොළඹ, හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මෙම ඝන මිදුම් තත්ත්වය අලුයම සිට උදැසන 8 පමණ වන තෙක් පැවතිම නිසා එම මාර්ග වල ඉදිරියට පැමිණෙන වාහන දිස් නොවන තත්ත්වයට මිදුම් තත්ත්වය පවති.

මේ අතර මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල ධාරිතාව තවදුරටත් පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ පිටාර මට්ටම අඩි 155 වන අතර , එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 39 ක්(21) අලුයම වන විට පහල බැස ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ පිටාර මට්ටම අඩි 120 ක් වන අතර , එම ජලාශයේ ජල මට්ටම (21) දින වන විට පිටාර මට්ටමේ සිට අඩි 47ක් පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top