ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවක වෘත්තිය සමිති විසින් ආරම්භ කර තිබු වෘත්තිය සමිති වැඩ වර්ජනය (16) දින සිට අවසන් කිරිමත් සමග කොවිඩ් 19 මර්ධන එන්නත් ලබාදිමේ වැඩසටහන (17) දින සිට යලිත් ආරම්භ කර ඇත.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ කොවිඩ් 19 දෙවන එන්නත (සයිනොෆාම්) ලබා නොගත් වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසින්ට එම එන්නත සහ බුස්ටර් එන්නත ලබා නොගත් වතු කම්කරුවන්ට සහ ප්‍රදේශවාසින්ට ෆයිසර් එන්නත ලබාදිම කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදි සිදු කෙරිණ.
එන්නත්කරණ වැඩසටහන සදහා යුධ හමුදාවේ සහයෝගය ලැබි තිබුණි.
හැටන් – රංජිත් රාජපක්ෂ