හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ අභියස පිහිටි සුන්දර ඩෙවොන් ඇළ රක්ෂිතයේ පසුගියදා ගින්නක් හටගෙන ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග තෘණ සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
ඩෙවොන් දිය ඇල්ලේ ජලය ගලා බසින කොත්මලේඔයට ඉහලින් සහ තලවකැලේ මඩකුඹුර වත්තට පහලින් පිහිටි ඉලුක් සහිත රක්ෂිතයේ මෙම ගින්න පැතිරගොස් ඇත.
පැතිර යන ගින්න පාලනය කිරිමට කිසිවෙක් ඉදිරිපත් වි නොමැති අතර, ඩෙවොන් ඇළ රක්ෂිතයට මෙසේ ගිනි තැබිම නිසා එම සුන්දර දිය ඇල්ල අවට පිහිටි පරිසරය සම්පුර්ණයෙන්ම විනාශ වි ඇත.
එම මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන් ඩෙවොන් දිය ඇල්ල නරඹා යාමට පුරුදු වි සිටින අතර ,මෙවැනි රක්ෂිත වලට ගිනි තැබිම නිසා ඩෙවොන් දිය ඇල්ල අවට දැඩි දුමාරයකින්ද වැසී තිබුණි.
හැටන් – රංජිත් රාජපක්ෂ