චීනයේ යූහාන් නුවර විද්‍යාඥයන් විසින් අනාවරණය කරනු ලැබූ දකුණු අප්‍රිකාවේ වවුලන්ගෙන් හඳුනා ගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම හා මරණයට පත් කිරීම අතින් ඉහළ අවදානමක් සහිත බවට අනුමාන කර තිබේ.
එමෙන්ම එම ප්‍රභේදය ආසාදිත වූවන් තිදෙනකුගෙන් එක් අයකු මිය යෑමට ඉඩ ඇතැයි ද අනතුරු අඟවා තිබේ.
කොවිඩ් වයිරසයේ ‘නියෝකොව්‘ නව ප්‍රභේදය මිනිස් සිරුරට කෙතරම් දුරට තර්ජනයක් වන්නේදැයි තහවුරු කරගැනීමට අධ්‍යයනය කළ යුතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.
විශේෂයෙන් වනසතුන්ගෙන් පැතිරෙන වසංගත රෝගවලින් 75% ක්ම මිනිස් සිරුරට අහිතකර බලපෑම් සිදුකරන බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් නව වයිරස් වශයෙන් මිනිස් සමාජය තුළ ව්‍යාප්ත වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් සඳහන් කර තිබේ.
එවැනි වයිරස් වැඩි ප්‍රමාණයක් වවුලන්ගෙන් මිනිසාට පැතිරෙන බැවින් චීන විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබූ නව වයිරසය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.