හක්මණ, පල්ලාවෙල කීර්ති ශ්රී තේජෝවරාරාම විහාරස්ථාන පරිශ්රයෙහි අභිනවයෙන් ඉදිකරන ලද දහඅට රියන් අවුකන පිළිමයෙහි නේත්ර ප්රතිෂ්ඨාපනය කිරීමේ පුණ්යෝත්සවය පසුගිදා සිදු කෙරිණි.
විහාරාධිපති වැලිහේනේ සාරානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉදිකරන ලද එම පිළිමය නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 38කට ආසන්න මුදලක් වැය වී තිබිණි.
එම පිළිමයේ නිර්මාණ ශිල්පියා වූයේ හොරපාවිට ප්රදේශයේ පදිංචි තිළිණ සම්පත් මහතා ය.
ප්රදේශවාසීන්ගේ හා දානපති පින්වතුන්ගේ ආධාර උපකාර මත නිම වන ලද එම පිළිමයේ නෙත් තැබීමෙන් අනතුරුව කතරගම මහා දේවාලයේ වාසනා හස්තිරාජයා විසින් අවුකන පිළිම වහන්සේගේ සිරස නිරාවරණය කළ අතර, සැදැහැවතුන් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.