ජිවත්විමට ඉඩදෙනු යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සමාජිකයන් අත්පත්‍රිකා බෙදා දෙමින් වතුකරයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් හැටන් නගරයේදි සිදු කෙරිණ.
බඩු මිල අඩු කිරිම , වතු කම්කරුවන්ගේ රු දහසේ වැටුප කප්පාදු නොකර ලබාදිමට මැදිහත් විම , වතු කම්කරුවන්ගේ ශ්‍රමය තුට්ටු දෙකට කොල්ලකැමට ඉඩ ලබානොදිම යන මැයෙන් ජනතාව දැනුවත් කිරිමට පියවර ගැණින.
හැටන් බස් නැවතුම්පොලට පිවිසි සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිඩ්නන් සෙල්වරාජ් , එම සංගමයේ ලේකම් ජේ.එම්.පේමරත්න යන අය විසින් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ රටේ පවතින ජිවන වියදම අනුව ජනතාව පිඩාවට පත් වි ඇති බවත්, ඒ අතරින් වතු කම්කරුවන්ද පිඩාවට පත් වි ඇති බවයි.
රජය කඩිනමින් රටේ සමස්ත ජනතාවට සහන සැලසිමට පියවර ගත යුතු බවද එම සංගමයේ සමාජිකයන් කියා සිටියේ.
හැටන් – රංජිත් රාජපක්ෂ