මෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු වීමක් සිදු වුව හොත් බලපෑමට ලක්වන ගොවීන් සඳහා වී කිලෝග්‍රෑමයකට රුපියල් 25ක වන්දි මුදලක් ගෙවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ සඳහා රුපියල් මිලියන 40,000ක මුදලක් වෙන් කර ඇති බවයි අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේය.
මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා ද රුපියල් මිලියන 29,805ක් වෙන් කර ඇති අතර, දිස්ත්‍රික් ලේකම්වරුන් මැදිහත් වී, වී මිල දී ගැනීමට නියමිතව ඇත.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය රුපියල් 75ක මිලකට වී කිලෝග්‍රෑමයක් මිල දී ගැනීමට කටයුතු කරන බව යි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේය.