ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට ඍජුවම 52% කට වඩා දායකත්වයක් දරන, රටේ සමස්ත ව්‍යවසායකයන්ගෙන් 75%ක් නියෝජනය වන රැකියා ලක්ෂ 50කට අධික ප්‍රමාණයක් ජනනය කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට බැංකු හා බැංකු නොවන මුල්‍ය ආයතනයන්ගෙන් සිදුව ඇති අත්තනෝමතික, අසාධාරණ, අපහසුතාවයන්ට ලක්කරන හා ජීවිත වලින්ද වන්දි ගෙවීමට සිදුවන තීරණ පිලිබඳවත්, මිලියන 8කට අධික ලීසිං හා ණය වාරික ගෙවනා, නොයෙක් ශේස්ත්‍ර තුල සේවා සපයන සහ පෞද්ගලික ලෙසත් අගතියට පත්ව සිටිනා සියලුම ජනතාව වෙනුවෙනුත්, මුල්‍ය ආයතන හරහා තම මුදල් අගතියට පත්වීම ආදී කරුණු රැසක් මුල් කරගෙන ඊයේ දින පැවතී උද්ඝෝෂණය සඳහා විශාල ජනතාවක් එක් විය. මේ සඳහා,
ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ද සංගමය ප්රමුඛව
දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව
ව්ව්යවසායකයන් සුරැකීමේ සංවිධානය
සංචාරක සේවා සපයන්නන්ගේ සංවිධානය
මගෙන් රටට සංවිධානය
ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටින ලදී. එසේම මෙහිදී මහජන බැංකුව සහ ලංකා බැංකු මුලස්ථාන වලට විරෝධය දක්වමින්, මුදල් අමාත්‍යායංශය, ජනාධිපති කාර්යාලය සහ මහා බැංකුව වෙත ඍජුවම ගොස් සියලු සංවිධාන එක්ව අත්සන් කරන ලද සන්දේශයක්ද බාර දෙන ලදී. ඉන් අනතුරුව මහ බැංකුව ඉදිරිපිටදී දැඩි විරෝදතාවයක් දක්වන ලදී.
මහ බැංකුව වෙත නියෝජිතයන් කිහිපදෙනෙක් සාකච්ඡාවක් සඳහා ගිය අතර එහිදී මහ බැංකුව නියෝජනය කරමින් පැමිණි නිලධාරියා අතරමැද නැගිට යාමටද උත්සාහයක් දැරූ අතර පැමිණි සංගම් නියෝජිතයන් හා පුජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගේ විරෝධතාවය හේතුවෙන් ඔහු රැදී සිටින ලදී. කෙසේ වුවත් පෙර පිළිතුරු ලෙසම මහබැංකුව කියා සිටියේ මේ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරන බවයි.
ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ද සංගමය ප්රමුඛව සංගම් මෙහිදී ප්‍රකාශ කර සිටියේ, මෙවර කිසිදු ක්‍රියාවක් සිදු නොවුවහොත්, තම සියලුම සාමාජිකයන් ප්රමුඛව ජනතාව පෙළගස්වා මහබැංකුව වටලා බවත්, සියලුම බැංකු, බැංකු නොවන මුල්‍ය ආයතන ඇතුළු සියලුම ආයතන වෙත වාරික ගෙවීම් නවතා දමන බවත්, ඒ පිළිබඳව මහබැංකුව වගකීම දැරිය යුතු බවත්ය.
එසේම දේපල සහ වාහන අත්පත් කර ගැනීම් සහ දඩ පොලී සමග අධිකරණ ක්රියාමර්ගද නොසලකා හරින බවත්, ඒවාහිද වගකීම මහබැංකුව දැරියයුතු බවත්ය. එම පවරා ගැනීම සඳහා කිසිදු නිලධාරියෙකු නොපැමිණෙන ලෙසද සංගම් නියෝජිතයන් අවධාරණයෙන් දන්වා සිටින ලදී.