දින තුනකට පසු හැටන් නගරයට ලිට්රෝ ගැස් බෙදා හරි පාරිභෝගිකයන්ට ටෝකන් ක්රමයට ගැස් සිලින්ඩර් බෙදා හරි.
ලිට්රෝ ගැස් සමාගම විසින් දින තුනකට පසු හැටන් ප්රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන්ට (19) දින සිමිත ගැස් සිලින්ඩර් ප්රමාණයක් බෙදා හරින අයුරු අප කැමරාවේ සටහන් විය.
ඉල්ලුමට සරිලන සැපයුමක් තම සමාගම විසින් ලබානොදෙන බවත්, හැටන් ප්රදේශයේ ලිට්රෝ ගැස් පාරිභෝගිකයන්ට ගැස් තොග ලැබිමට ප්රථම මුදල් ලබාගෙන ටොකන් ලබාදෙන බවයි අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.
ටොකන් ක්රමයට ගෘහස්ථ ගැස් සිලින්ඩර් බෙදා හැරිමේදි ගැස් ලබා ගැනිමට පොලිම් නැති බවත්, (19) දින සමාගම විසින් ලබාදුන් ගැස් තොග අවසන් විමෙන් පසු තම අලෙවිසැල යලිත් ගැස් තොග ලැබෙන තෙක් තාවකාලිකව වසා දමන බවයි හැටන් ප්රදේශයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියේ.
හැටන් – රංජිත් රාජපක්ෂ