Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාබනික ගොවිතැනට ජාවාරම්කාරයන් බාධා කරනවා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කෘෂිකර්මාන්තය පිළිබඳ වර්තමානයේ රට තුළ ආන්දෝලාත්මකතත්ත්වයක් උද්ගතවී තිබෙනවා.

1970 දශකයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ගෙන ආ වගා සංග්‍රාමයට බැන බැන එයට වළවල් කපපු පක්ෂ, විපක්ෂ අය අද කියනවා ඒ ගැම්ම දිගටම පවත්වාගෙන ආවා නම් අද ලංකාව සිංගප්පුරුවක් බවට පත්වෙලා කියා යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසා පාලක උඩුනුවර ශාසනාරක්ෂණ බල මණ්ඩලයේ ලේඛාධිකාරි හා ගෙලිඔය සුමේධ විදුහලේ විදුහල්පති ගලහා සිරි ශාන්න නායක හිමියෝ පැවසූහ.

නායක හිමියන් එසේ වදාළේ උඩුනුවර ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බංඩා මහතාගේ ඉල්ලිම පරිදි තේ හා රබර් ආශ්‍රිත බෝග වගා හා කර්මාන්ත ශාලා නවීකරණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා විසින් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සහාය ඇතිව සංවිධාන කර තිබූ පැළ තවාන් නඟා සිටවීමෙ ව්‍යාපෘතිය යටතේ උඩුනුවර ආසනයේ කුඩා තේ වතු පැළ තවාන්කරුවන්ට උපකරණ ලබාදීමේ උත්සවයට සහභාගී වෙමිනි.එහිදී උන්වහන්සේ මෙසේද කීහ.

ඕනෑම දෙයක් පටන් ගන්න කොට විවිධ ගැටලු ඇති වෙනවා.වස විෂ නැති අහාර වේලක් රටේ ජනතාවට දෙන්න අවශ්‍යයි කියලා මුලින්ම ඉල්ලුවේ වෛද්‍යවරු, ජනතාව හා බුද්ධිමතුන්.නමුත් කොම්පැනිකාරයන්ගේ ජාවරම්වලට අසු වීම නිසා එය දේශපාලන පක්ෂයකට තනිව කරන්න බැරි වුණා.

එය රටේ ජනතාවගේ අවාසනාවක්. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තීරණය කෙලින්ම ගත්තට නිලධාරීන් දන්නේ නෑ මෙය කොහොමද ක්‍රියාත්මක වුණේ, කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා.

ඡන්දය දුන්නත් නැතත් රටේ ජනතාව වස විෂ ආහාරවලින් බේරා ගන්නවා යන තීරණය මත සිට සෘජුව වැඩ කරන්න ජනපතිවරයා හැමවිටම සූදානමින් සිටිනවා.

ගලහා සිරි ශාන්ත හිමි

ජගත් ජනප්‍රිය ගඟ ඉහළ සමූහ

Scroll to Top