දීර්ඝ සති අන්ත නිවාඩුවේදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්ෂිත අයුරින් ගමන්වල යෙදීම හේතුවෙන් කොවිඩ් වෛරසය දැඩි ලෙස පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ පිරිස් නිසි සෞඛ්යාරක්ෂිත උපදෙස් නොතකා මුහුණු ආවරණ හෝ නොපැළඳ එකිනෙකාට ඉතා සමීපව කටයුතු කිරීම අවදානම් බවයි.
මෙවන් තත්වයක් තුළ ජනතාව අනාරක්ෂිතව කටයුතු කිරීම තුළින් ඉදිරියේදී ආසාදිත සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.