දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් (14) දින හදිසියේ ආරම්භ කල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරිමත් සමග වසා දමා තිබු දුම්රිය ස්ථාන (14) දින පස්වරුවේ යලිත් විවෘත කරනු ලැබුහ.
වැඩ වර්ජනය හේතුවෙන් ධාවනය වෙමින් තිබු උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන් කිහිපයක් පැය කිහිපයක් දුම්රිය මාර්ගයේම ස්ථාන කිහිපයකම නතර කර තිබු අතර , එම දුම්රියන් යලිත් (14) දින පස්වරුවේ සිය ගමනාන්තයන් දක්වා ගමන් කිරිමට දුම්රිය ස්ථානාධිපතිවරුන් කටයුතු කර තිබුණි.
හැටන් – රංජිත් රාජපක්ෂ