විදුලිබල මණ්ඩලයට බලාගාර පවත්වාගෙන යෑම සඳහා ඩීසල් මෙට්ට්‍රික්ටොන් 1500 බැගින් දිනකට ලබාදීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා අද (14) පැවසීය.
එලෙස ඩීසල් ලබා දුන්නහොත් යම්තාක් දුරට විදුලි බිඳ වැටීම් අවම කරගත හැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමානි සඳහන් කළේ.
නමුත් විදුලිබල මණ්ඩලයට තව දුරටත් ඉන්ධන ණයට ලබාදීමේ හැකියාවක් තෙල් සංස්ථාවට නොමැති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩි දුරටත් කීය.
ඉන්ධන නොමැති නිසා කැලණිතිසසේ බලාගාරයේ ජනන කටයුතු ඊයේ පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.
කෙසේ නමුත් නියමිත පරිදි ඉන්ධන නොලැබුණහොත් අද දිනයේදීද විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනු ඇති බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.