මේ දිනවල බැලූ බැලූ අත පෝළිම් ය. ඒ බව අපට මාධ්‍යයෙන් සහ හැබැහින් දැකගන්න පුළුවන් වගේ ම එක්කෝ කිරිපිටි නැත්නම් ගෑස් එහෙමත් නැත්තම් මෙකී නොකී ඕනෑ ම ජාතියක පෝලිම්කරුවෙකුව අපට ඒ අත්දැකීම විඳගන්න පුළුවන්. මේ වන විට ඔබත් මේ අත්දැකීම විඳලා ඇති.
මේ පෝලිම් ඇතිවෙන්න හේතුව මොකක් ද කියලා ඔබ දැනටමත් දැනුවත්. එකී දැනුවත්භාවයේ සාරාංශය නම් මේ වන විට රට ආර්ථිකමය වශයෙන් අර්බුදයකට ගොස් ඇති බවයි. එකී අර්බුදයේ පුපුරා යාමේ ආරම්භය; මෙ අයුරින්, කසකරුවන් පෙරහැර එන බව පසන් කරන්නා සේ රට පුරා මතු වුණු පෝළිම් වලින් කියයි.
මෙතරම් ආර්ථිකමය අර්බුදයකට රට තල්ලු වී ඇති මොහොතක පසුගිය 04 වන දා මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රජය විසින් රුපියල් කෝටි 22 900ක සහන පැකේජයක් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවත්, එමගින් රාජ්‍ය සේවකයන්, විශ්‍රාමිකයන්, ආබාධිත රණවිරුවන්, සමෘද්ධි ලාභීන්, ගොවි ජනතාව හා වතු කම්කරුවන් යන පිරිස් ආවරණය වන බවත් ය.
නමුත් මෙම සහන පැකේජය යටතේ රුපියල් 5000ක දීමනාවක් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බව සඳහන් වුවත් රජයේ සේවකයාගේ අතට පන්දහස ලැබෙන තුරු එය ද විශ්වාසයක් නැත.”පෞද්ගලික අංශයේ සේවකයන්ට ද මෙම රුපියල් 5,000 දීමනාව ලබාදීමට අවශ්‍ය නීතිරීති දැන් සකස් වෙමින් පවතී” යනුවෙන් කම්කරු අමාත්‍යවරයා කියා තිබුණි.
නමුත් කිසිදු වගකිවයුත්තෙක් විසින් අවිධිමත් අංශයේ කම්කරුවන්ට මෙම සහන පැකේජයෙන් සහන ලැබෙන ආකාරයක් පිළිබඳ සඳහනක් නොකරන්නේ, එහි ප්‍රතිලාභ අවිධිමත් අංශයේ කම්කරුවන්ට නොලැබෙන නිසා ද? යන්න ප්‍රශ්නයකි. එවැනි තත්ත්වයක් තුළ මේ වන විටත් ආර්ථික පීඩනයෙන් මිරිකී සිටින එදා වේළ හම්බ කරගන්නා පිරිස් තව තවත් පීඩාවට ලක් වෙනවා නොවේ ද?
වර්තමානයේ ශ්‍රී ලංකාව පසු වන්නේ ආර්ථිකමය වශයෙන් ඉතාම අසීරු අඩියකයි. එය මුලු ලොව ම දන්නා නීරස සත්‍යයකි. එහි අවසානය රට බංකොලොත් වීමෙන් හමාර වන බව දැනටමත් අනාවැකි පල වී තිබේ. එවැනි තත්ත්වයක මෙවැනි සහන පැකේජයක් ලබා දීම තුළ ආර්ථිකමය වශයෙන් රටට ඇති කරන හානිදායක තත්ත්වය පිළිබඳ මොළ හතකින් ලොව දකින මුදල් අමාත්‍යවරයාට නොපෙනීම කණගාටුවට කරුණකි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති 9.9% අගයෙහි සිට දෙසැම්බර් මාසය වන විට 12.1% ක අගයක් දක්වා ඉහළ ගොස් ඇත. මුදල් අමාත්‍යවරයාගේ රුපියල් කෝටි 22 900ක සහන පැකේජය ආර්ථිකය තුළට ඇතුළු වීමෙන් උද්ධමනය මීට වඩා සංඛ්‍යාත්මක අගයෙන් ඉහළ යනවා මෙන් ම ජනතාවගේ පොකැට්ටුවට කරන පීඩනයෙන් ද ඉහළ යන්නේය.
මෙවැනි තත්ත්වයක් තුළ අසූ ලක්ෂයක් වූ මෙරට වැඩකරන ජනතාවක් අතුරින් ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන් අතර පමණක් මෙම රුපියල් කෝටි 22 900 බෙදී ගිය විට ලක්ෂ 65ක් වූ පුද්ගලික අංශයේ විධිමත් සහ අවිධිමත් කම්කරුවන් වෙත ඇති කරනු ලබන ආර්ථික බලපෑම සුළු පටු එකක් නොවෙයි. එයිනුත් අවිධිමත් අංශයේ කම්කරුවා පීඩාවෙනුත් පීඩාවට පත් කරයි.
මෙවැනි තත්ත්වයක් ඇති වීම ඉබේ සිදු වන්නක් නොවේ. මෙය දැනුවත් ක්‍රියාවලියකි. මන්ද මෙතරම් ආර්ථික අර්බුදයකට රජය සහ ජනතාව තල්ලු වී ඇති මොහොතක ආණ්ඩුව විසින් මෙවැනි සහන පැකේජයක් ලබා දීම තුළින් පෙනී යන්නේ ආණ්ඩුවට ඇත්තේ මෙම ආර්ථික අර්බුදයෙන් මිදීමේ වුවමනාවක් නොව ආණ්ඩුව මුහුණ පා සිටින දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමේ ආත්මාර්තකාමී වුවමනාවක් බව පැහැදිලිය.
ඒ සඳහා ඔවුන් බිල්ලට දෙන්නේ මෙරට ආර්ථිකය වගේ ම වැඩකරන ජනතාවයි. එබැවින් ආණ්ඩුවේ සහන පැකේජය හමුවේ ඇති කෙරෙන ආර්ථික ප්‍රසාරණය තුළ එදා වේල ඉපයීමෙන් ජීවත් වන කම්කරුවන්ගේ ජීවිතවලට ඇති කරන බලපෑමේ තරම ඉලක්කම්වලින් මැනිය හැක්කක් නොවන අතර එය සම්පූර්ණයෙන් ඔවුන්ගේ පවුලේ ආර්ථිකය කඩා බිඳ වැට්ටවීමකි.
එබැවින් මෙය ආණ්ඩුවේ පැවැත්ම උදෙසා එදාවේල උපයාගෙන ජීවත් වන කම්කරුවා බිල්ලට දීමක් හැර අන් කිසිවක් නොවන බව පැහැදිලිය.