චොකලට් මිල වෙනස් කර අලෙවි කල වෙලෙන්දෙකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර.
නුවරඑලිය නගරයේ වෙලදසැලක චොකලට් වල සදහන් මිල වෙනස් කර අලෙවි කල වෙලෙන්දෙකුට එරෙහිව නුවරඑලිය මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කල බව නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් පැවසිය.
එම වෙලදසැල් තිබු චොකලට් වල මිල මකා දමා එම වෙලෙන්දා විසින් චොකලට් වල වර්තමාන වෙලදපොලේ පවතින මිල පෑනකින් සදහන් කර අලෙවි කරන බවට නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානාධිපති රංග කරුණාරත්න මහතාට ලද පැමිණිල්ලක් මත මිල වෙනස් කරන ලද චොකලට් උපාය දුතයෙකු යොදාගනිමින් මිල දි ගෙන සැකකාර වෙලෙන්දා සහ චොකලට් තොගය තමන් භාරයට ගත් බවයි නුවරඑලිය දිස්ත්රික්ක ජෙෂ්ඨ විමර්ෂණ නිලධාරි රංග කරුණාරත්න මහතා කියා සිටියේ.
සැකකරුට මේ මස (13) දින නුවරඑලිය මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස උපදෙස් ලබාදෙමින් සැකකරු බැදුම්කරයක් මත මුදා හැරි බව රංග කරුණාරත්න මහතා පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ