Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙලේ ගිණිසිළුවේ යෂ්ඨිය බගවන්තලාවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ වසරේ ජුනි මස (28) දින සිට අගෝස්තු මස (08) දින දක්වා බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා උළෙලට සම්බන්ධ එංගලන්ත මහ රැජිණගේ පණිවිඩය බහාලු යෂ්ඨිය (05) දින බගවන්තලාව කර්කස්වොල් වතු යාය වෙත රැගෙන එනු ලැබුහ.

දිවයිනේ ස්ථාන කිහිපයකම රැගෙන යන බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා උළෙලේ රැජිනගේ පණිවිඩය බහාලු යෂ්ඨිය තුන්වන දින වන (05) දින කර්කස්වොල් වතු යායේ තේ කර්මාන්ත ශාලාව වෙත රැගෙන එන අවස්තාවේ එම වතු යායේ පාලන අධිකාරිය විසින් පිලිගෙන යෂ්ඨිය වතු කම්කරුවන්ගේ අතින් අත යැවිමටද සංවිධායක මණ්ඩලය විසින් අවස්තාව සලසා දි තිබුණි.

යෂ්ඨිය කර්කස්වොල් වතු යායට රැගෙන පැමිණි අවස්තාවේ පාසල් ළමුන්ගේ තුර්ය වාදක කණ්ඩායම සහ නර්තන කණ්ඩායම් විසින් උණුසුම් අයුරින් පිලිගනු ලැබුහ.

උදැසන 7.30 ට ශ්‍රි ලංකා ඔලිම්පික් කමිටුවේ නිලධාරින් විසින් යෂ්ඨිය බගවන්තලාව කර්කස්වොල් වතු යාය වෙත රැගෙනවිත් පැය දෙකකට ආසන්න කාලයක් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට සකස් කරන ලද විශේෂ පිඨිකාවක තබනු ලැබුහ.

එංගලන්ත මහ රැජිණගේ පණිවිඩය බහලු යෂ්ඨිය රටවල් 72 ක චාරිකා කිරිමට නියමිත අතර , බගවන්තලාව සිට යෂ්ඨිය කොළඹට රැගෙන ගොස් ඉන් අනතුරුව බංගලාදේශය දක්වා රැගෙන යාමට නියමිතය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top