වවුල් අපද්‍රව්‍ය යොදා ගනිමින් ලක්ෂපාන ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කරයි.
ගිනිගත්හේන ලක්ෂපාන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු විසින් වවුල් අපද්‍රව්‍ය යොදා ගනිමින් සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කිරිමට සමත් වි ඇත.
අතිගරු ජනාධිපති තුමාගේ හරිත කෘෂි රටක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ යටතේ වස විසෙන් තොර කෘෂි බෝග නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක කාබනික පොහොර හඳුන්වාදීමේ වැඩසටහනට දායකත්වයක් ලබාදීමට ලෝකයේ බොහෝ රටවල වගා කටයුතු සඳහා භාවිතා වන වවුල් පොහොර කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමු වි ඇත.
ලක්ෂපාන ප්‍රදේශයේ වසර හතළිහකට අධික කාලයක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් කැනිම් කටයුතු සිදු කර අතහැර දමා ඇති උමං සහ ලක්ෂපාන ප්‍රදේශයේ පිහිටි ගල් ලෙන්වල ජීවත්වන වවුලන්ගේ අපද්‍රව්‍ය එක්රැස් කර කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලබයි.
එම ගල් ගුහා වලින් එක්රැස් කර ගන්නා වවුල් අපද්‍රව්‍ය කැළණි ගග හරහා රැගෙන ඒමට එම තරුණයන් දෙදෙනා දැඩි පරිශ්‍රමයක්ද දරන අතර, දිනපතා වවුල් අපද්‍රව්‍ය එක්රැස් කිරිමට අවස්ථාව ලැබෙන බවද එම තරුණයන් දෙදෙනා කියා සිටියි.
මෙම වවුල් පොහොර වල ශාක වර්ධනයට අවශ්‍ය ය නයිට්‍රිජන්, පොටෑසියම් පොස්පරස් ඇතුළු පෝෂණ කොටස් ශාක වර්ධනයට හිතකර ලෙස පවතින බව දැනට කරන ලද වගාවන් වලින් සාර්ථක ප්‍රතිඵල ලැබි ඇති බවයි එම කාබනික පොහොර නිෂ්පාදනය කරන සුරංග සේනාජිත සහ පත්මසිරි දිසානායක කියා සිටියේ.
එසේ නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර වල නයිට්‍රිජන් ප්‍රතිශතය 2% සිට 2.7% දක්වා පරාසයක පවතින බවත් ගන්නොරුව සහ මාකඳුර පර්යේෂණ ආයතන මඟින් ඒ සඳහා ලබාගත් පර්යේෂණ සහතිකයක්ද එම තරුණයන් දෙදෙනා සතුව පවති.
දැනට එම තරුණයන් දෙදෙනා විසින් නිෂ්පාදනය කරනු ලැබු වවුල් පොහොර 20000kg – 30000kg අතර තොගයක් පවතින බවත්, තමන්ට ලැබෙන විවේක කාලයන්හි රැකියාවෙන් ලබාගන්නා ලද මුදල් වලින් මෙම ව්‍යාපෘතිය සිදු කළ බවත් මෙම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ආයෝජකයකු ලබාදී ගෘහ ආශ්රිත වගාවන් සඳහා මෙම කාබනික පොහොර බෙදා හැරිමේ වැඩසටහනක් දියක් කිරිමට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිලධාරින් පියවර ගත යුතු බවයි එම තරුණයන් දෙදෙනා කියා සිටින්නේ.
හැටන් – රංජිත් රාජපක්ෂ