Aboutceylon Online

වෛද්‍ය පර්යේෂණ ආයතනය හොයා ගත්තායැයි කියන ඔමික්‍රෝන් අතේ රෝලක්ද?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් කොවිඩ් ආසාදිතයින්  තිදෙනෙකුගේ ඔමික්‍රෝන් ප්‍රභේදය පවතින බව ප්‍රකාශයයට පත් කලද, මෙතෙක් එවන් ඔමික්‍රෝන් සොයා ගැනීමක් පිළිබදව ඊට අදාල ජාත්‍යන්තර දත්ත පද්ධතිය මඟින් ඒ පිළිබදව තහවුරු කර නැති බව පෙනෙන්නට තිබේ. එබැවින් සැබෑ ලෙසම ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් සිදු කලේද, එසේත් නැත්නම් එය සාමාන්‍ය අනුමාන කිරීමක්ද යන්න වහා හෙලිදරව් කිරීම, ශ්‍ර්‍රි ලංකාවේ රසායනාගාර සේවාවේ පිළි ගැනීම ජත්‍යන්තර වශයෙන් අරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉතාමත්  වැදගත් වේ.
අණුක ජීවී රසායනාගාර ක්‍රමවේදයේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව, ලොව කොතනැක නව ප්‍රභේදයක් සොයාගනු ලැබුවද, සෑම රටකටම පොදු දත්ත පද්ධති මඟින් ඒ පිළිබදව තහවුරුවක් ලබා ගත යුතුය. ජාන අනුක්‍රමික විශ්ලේශණය පිළිබදව සෑහීමකට පත් විය නොහැකි අවස්ථාවක හෝ ලබා දෙන දත්ත පිළිබද පිරිසිදුබව පිළිබදව සෑහීමකට පත් විය නොහැකි අවසතාවන්හීදී එම එලෙස තහවුරු කිරීමක් සිදු නොවේ.
මේ වන විටත් ශ්‍රී ලංකාව ඉදිරියෙන් තහවුරු වූ ඔමික්‍රෝන් ආසාධිතයින් ලෙස සටහන්ව ඇත්තේ ජපුර රසායනාගාරය සොයාගත් සිව් දෙනෙකු පිළිබදව පමණක් වන අතර වෛද්‍ය පර්යේෂණ ආයතනය සොයාගත් කිසිදු ඔමික්‍රෝන් ප්‍රභේදයක් පිළිබදව වාර්ථා වන්නේ නැත.
කොවිඩ් සදහා ජාන අනුක්‍රමික විශ්ලේශණ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම මුල සිටම සෞඛ්‍ය අමාත්‍යාංශය මඟ හැර තිබූ අතර, පරිත්‍යාග ලෙස ජාන අනුක්‍රමික විශ්ලේශක යන්ත්‍ර හතරක් ලැබුණු පසු එය තවදුරටත් මඟ හැරීමට නොහැකි විය. කෙසේ නමුත් වසර දෙකකටත් වැඩි කාලයක්.තිස්සේ කිසිදු උනන්දුවක් නොදක්වමින් සිටිමින්, හිටිහැටියේ එම පරීක්ෂණ රසායනාගාර වල තහවුරුවක් ලබා ගැනීමටත් පෙර, පාර්ශවකරුවන්ගේ කිසිදු සාකච්ඡාවකින් තොරව,   ඒකාධිකාරී හා රහසිගත ක්‍රමයකට ප්‍රභේද පරීක්ෂණවල අයිතිය තමන් සතු කරගෙන යෑමට උත්සාහ දැරීමෙන් සමස්ථ ශ්‍ර්‍රී ලාංකේය රසායනාගාර සේවාවට අප කීර්තියක් ඇති විය හැකි බැවින් ඒ පිළිබදව වහා සොයා බැලිම සෞඛ්‍ය අමාත්‍යා වරයාගේ සහ රජයේ වගකීමකි.
මෙතෙක් ප්‍රභේද පරීක්ෂණ සාර්ථකව සිදු කරමින් සිටි ජපුර රසායනාගාරය ඉන් ඉවත් කොට වෙනත් රසායනාගාර ලහි ලහියේ ඊට ආදේශ කිරීම වෙනුවට, මේ වන විටත් අත්දැකීම් උකහාගෙන ඇති ජපුර රසායනාගාරය සමඟ සමාන්තරව කටයුතු කර, තම හැකියාව වර්ධනය කර ගැනීමට අකමැති ඇතැම් වෛරසවේදීන්ගේ ක්‍රියා කලාපය නිසා මෙම ගැටලුව තවදුරටත් තීව්‍ර වීමට ඉඩ නොදී, සියළු පාර්ශව කරුවන්ගේ සහයෝගය සහ එකගතාවය සහිතව මෙම වැඩ පිළිවෙල ප්‍රතිසංවිධානය කරන ලෙස අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලමු.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රභේද පරීක්ෂණ සඳහා බාධා කල ඇතැම් විශේෂඥයින්, පරිත්‍යාග ලෙස ලැබුණු යන්ත්‍ර බෙදා ගෙන ඇත්තේ ඇගේ හයිය පදනම් කර ගනිමින් මිස රටේ අවශ්‍යතාවයට අනූව නොවේ. ලැබී ඇති යන්ත්‍ර හතරෙන් දෙකක් වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබා දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතැම් වෛරසවේදීන්ට දක්වන අනවශ්‍ය බිය හේතුවෙන් වන අතර, මෙම තත්වය හේතුවෙන් ලෝක මට්ටමෙන් ලැබෙන ආධාර හා පුහුණු වීම් පවා විවිධ පුද්ගලික වුවමණාවන් සහ ලාභය උදෙසා විනාශ වෙමින් පැවතීම, ඉහල පෙලේ සෞඛ්‍ය කළමණාකරණයේ දුර්වලතාවයකි.
රවී කුමුදේශ්
Scroll to Top