Aboutceylon Online

සතියේ දින වලත් ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට විශාල වන්දනා කරුවන් පිරිසක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දුම්රිය ස්ථානාධිපතවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරිමට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන නිසා සතියේ වැඩ කරන දින වලත් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට විශාල පිරිසක් හැටන් දුම්රිය ස්ථානයට පැමිණෙන බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන උඩරට මැණිකේ , පොඩි මෑණිකේ සහ රාත්‍රි තැපැල් දුම්රියෙන් මේසේ  වන්දනා කරුවන් විශාල පිරිසක් පැමිනෙන බවත් , එසේ පැමිණෙන වන්දනා කරුවන් ශ්‍රි පාදස්ථානය කරුණා කර ආපසු දුම්රියෙන්ම නොමිලේ සිය ගම් රට බලා යන බවයි එම නිලධාරියා කියා සිටියේ.

මේ දිනවල විදේශිය සංචාරකයින්ද විශාල පිරිසක් සංචාරය සදහා හැටන් දුම්රිය ස්ථානයට පැමිනෙන බවත් එසේ පැමිණෙන විදේශිය සංචාරකයින්ද ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙන් පැමිනෙන බවයි එම නිලධාරියා කියා සිටියේ .

මේ අතර දුම්රියෙන් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරිමට පැමිණෙන වන්දනා කරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරවන ලංගම බස් රථ වලින් විශාල අදායමක් හැටන් ලංගම ඩිපෝවට ලැබෙන බව හැටන් ඩිපෝවේ නිලධාරියෙකු පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top