නත්තල් දිනයේ අද (25) කිතුනු ජනතාව එක් රැස් වන ස්ථාන සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
පොලිස්පතිවරයා දී ඇති උපදෙස් අනුව බුද්ධි නිලධාරීන් යොදවා මහජනයා එක් රැස් වන ස්ථාන සොයා බලා යුද හමුදා නිලධාරීන්ද ජනතාවගේ ආරක්ෂාවට යොදා ගන්නා ලෙස දැනුම් දී තිබේ.
ජනතාව තම සාප්පු සවාරිවලදී මෙන්ම විනෝද ගමන් යෑමේදී සෑම විටම තම ආරක්ෂාව තහවුරු කර ගන්නා ලෙසත් බීමත්ව රිය පැදවීමෙන් වළකින ලෙසත් සෑම විටම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටී.