Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රටේ ජනතාවට ලබාදෙන පුදුමකරවන නත්තල් තැගි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ දිනවල රජය විසින් රටේ ජනතාවට ලබාදෙන පුදුමකරවන නත්තල් තැගි සහ නත්තල් රතිඤ්ඤා හඩ හමුවේ රටේ ජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව විමතියට පත් වි ඇති බව ව්‍යාපාරික ප්‍රජාව පවසයි.

ඉන්ධන මිල ඉහල යාමත් සමග තම ආපන ශාලා සහ බේකරි වල නිෂ්පාදන ආහාර ද්‍රව්‍ය මිල වැඩි කරන ලෙස ආපනශාලා හිමියන්ගේ සංගමය සහ බේකරි හිමියන්ගේ සංගමය පැවසුවද එසේ මිල වැඩි කර අලෙවි කිරිම තුලින් පාරිභෝගිකයා තවදුරටත් තමන්ගෙන් ඇත් වන බවයි  ව්‍යාපාරික ප්‍රජාව කියා සිටින්නේ.

ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාම සහ ඉන්ධන මිල ඉහල යාම හමුවේ තම බේකරි නිෂ්පාදන වල මිල සහ ආපනශාලාවල ආහාර ද්‍රව්‍ය වල මිල ඉහල දැමිම අනිවාර්යෙන්ම සිදු කල යුතු වුවත්, එසේ වැඩි කරන ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිමට පාරිභෝගිකයන් නොමැති තත්ත්වයකට තම ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවයි එම ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

රටේ ජනතාව රට වෙනුවෙන් කැප කිරිම් කිරිමට ප්‍රථම සුපෝගභෝගි ජිවත ගත කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් එම කැපවිම මුලින් සිදු කර රටට ආදර්ශයක් ලබාදිය යුතු බවයි එම ව්‍යාපාරික ප්‍රජාව කියා සිටින්නේ.

ග්‍රැම් 450 පාන් ගෙඩියක සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිලද නිෂ්පාදන වියදම ඉහල යාම හමුවේ පාන් ගෙඩියකට හෝ ආහාර ද්‍රව්‍ය වලට නිශ්චිත සිල්ලර මිලක් තිරණය කල නොහැති බවද එම වෙලදුන් වැඩිදුරටත් පැවසිය.

හැටන්  – රංජිත් රාජපක්ෂ

Scroll to Top