ලොව පුරා සියළු බෞද්ධයන් මහත් භක්තියෙන් වන්ඳනාමාන සිදු කරන වසරක් අවසාන සනිටුහන් කරන උඳුවප් පොහොය අදට යෙදී ඇත.
ලංකාවාසී බෞද්ධයනට සාසනික වශයෙන් උඳුවප් පොහොය දිනය වැදගත් වෙයි.
විජය ශ්රී ජය ශ්රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සිරිලකට වැඩම කරවීමත්, සිරිලක භික්ෂුණී සමාජය ආරම්භවීමත්, උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය හා සම්බන්ධ ව පවත්නා ඓතිහාසික සිදුවීම් ය.
දඹදිව සිට සංඝමිත්තා මහරහත් තෙරණිය ප්රමුඛ භික්ෂුණීන් වහන්සේලා විසින් සිරිලක දඹකොළ පටුනට වැඩම කරවන ලද බෝධීන් වහන්සේ භාර කෙරුණේ දේවානම්පියතිස්ස රජු වෙත ය.
ලාංකීය අපට උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත්ම සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පාපහස ලද සිරිපාද වන්දනා සමය මෙම පෝය දිනයේදී ඇරඹීමයි.