Aboutceylon Online

නත්තල් ගස් වලට සහ මල්වලට විශාල ඉල්ලුමක් – සැපයුමක් ලබාදිමට නොහැකි තත්ත්වයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එළඹෙන නත්තල් සමය සදහා නත්තල් ගස් වලට සහ මල්වලට විශාල ඉල්ලුමක් පැවතියත්, ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව නුවරඑලිය මල් අලෙවිකරුවන් කියා සිටියි.

එලඹෙන නත්තල් සමය සදහා නත්තල් ගස් (සයිප්‍රස්) සහ මල් සදහා විශාල ඉල්ලුමක් පැවතියත් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට නොහැකි තත්ත්වයත් උද්ගත වි ඇති බව නුවරඑලිය නගරයේ මල් අලෙවිකරුවන් කියා සිටියි.

මල් සදහා භාවිතා කරනු ලබන රසායනික පොහොර සහ දිලිර නාශක නොමැති විම හමුවේ නුවරඑලිය ප්‍රදේශයේ මල් වගාකරුවන් මල් වගා කිරිම නතර කර ඇති බවත්, තම වෙලදසැල් වලට ලැබෙන මල් ප්‍රමාණය 20% දක්වා පහත වැටි ඇති බවයි වෙලදුන් කියා සිටියේ.

තවද නත්තල් සමයේ නත්තල් ගස් සදහා විශාල ඉල්ලුමක් පැවතියත්,ප්‍රවාහන ගාස්තු වැඩි විම හමුවේ නත්තල් ගස් අලෙවි කිරිම නතර කර ඇති බවත්,මල් සහ නත්තල් ගස් වෙලදාමෙන් මිට ප්‍රථම විශාල අදායමක් ලැබු බවත්, මේ වන විට රටේ පවතින තත්ත්වය මත තම වෙලදාම ඉතා පහල වැටි ඇති බවයි වෙලදුන් කියා සිටින්නේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top