Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් වසංගතය නිසා වසර දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබුණු ඔස්ට්‍රේලියාවේ දේශ සීමා පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන්ට සහ නිපුණතා සංක්‍රමණිකයින්ට විවෘත කෙරුණි.

මේ අතර මාස 22 කට පසුව සමස්ත ඔස්ට්‍රේලියවටම ටස්මේනියා ප්‍රාන්තය අද සිය ප්‍රාන්ත සීමා විවෘත කළේය.

වික්ටෝරියා ප්‍රාන්තයේ මහජන සෞඛ්‍ය නියෝග සංශෝධනය කිරීම මත අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළෙඳ සැල් වෙත සහ මංගල උත්සව හා අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වීමට මෙන්ම දේපළ වෙළඳාම් සේවා භාවිතා කිරීම සඳහා වික්ටෝරියානුවන්ට තවදුරටත් සම්පූර්ණයෙන් එන්නත් කිරීමට අවශ්‍ය නොවනු ඇත.

Omicron ප්‍රභේදය මීට පෙර හමුවූ අනෙක් ප්‍රභේදයන්ට වඩා වේගයකින් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පවසයි.

Pfizer එන්නතෙහි මාත්‍රා දෙකම ලබා ගැනීම මෑත සතිවල දකුණු අප්‍රිකාවේ රෝහල්ගත වීමට එරෙහිව සියයට 70 ක ආරක්ෂාවක් ලබා දී ඇති බව පෙන්වා දී ඇත.

Scroll to Top