ප්‍රවාහන ක්ෂේත්රයට පුනර්ජනනීය විදුලිය භාවිත කිරීම හා ඒ සඳහා ඇති අභියෝග මොනවාද යන්න හඳුනා ගැනීම හා ක්‍රියාත්සමක කිරීම සඳහා පත්කළ පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් ප්‍රවාහන ප්‍රවර්ධන අනුකමිටුව ඊයේ දින (12.09) සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම එක් අංශයකට පමණක් සීමා නොවී සමස්ත රටටම පොදු වැඩසටහනක් බවට පත්විය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා ක්ෂේත්රයේ සියළුම නිලධාරීන්ගේ සහය හිමි විය යුතු බවත් එමෙන්ම එකී අභියෝග ජය ගැනීමට ගත යුතු ක්‍රියා මාර්ග මොනවාදැයි හඳුනා ගැනීමේ වැදගත්කමත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් අවධාරණය කර සිටියේය
වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය භාවිතය 70%ක් දක්වා ඉහළ නැංවීමටත් , විදුලි වාහන භාවිතය ප්‍රචලිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීමයි.
මෙහි දී නියමු ව්‍යාපෘතියක් ලෙසින් රාජ්‍ය ආයතනයන් තුළ විදුලි වාහන භාවිත කිරීමට යෝජනා කළේය . එහිදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මෙලෙස ගෙන්වනු ලබන වාහන ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යතුමා විසින් අවධාරණය කළේය .
අමාත්‍යාංශයක් සිය ඉලක්ක සපුරා ගැනීම සඳහා පිය නගන විට එම ඉලක්කය ජය ගැනීම පිණිස අනෙකුත් අමාත්‍යාංශයන්හි ද සහය එම අමාත්‍යශයට හිමි විය යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් අවධාරණය කර සිටියා.
2030 වන විට රටේ සමස්ත විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කර ගැනීමේ ඉලක්කය සඳහා ගමන් කිරීමේ දී අමාත්‍යාංශයක් ලෙස තනිව ගමන් කිරීමේ හැකියාව තිබෙන නමුත් එම ඉලක්කය හා සම්බන්ධ අනෙකුත් සියළු අංශ ද මෙම ඉලක්කය සමඟ හැඩ ගැසිය යුතුය.
මෙරටට විදුලි වාහන ආනයනය කිරීමේ දී විදේශීය සැපයුම්කරුවන්ගෙන් වාහන මිලදී ගැනීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ සැබෑ අවශ්‍යතා මොනවාදැයි හඳුනාගැනීම වැදගත්බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා………….
“පුනර්ජනනීය බලශක්තිය පිලිබඳව කතා බහ කරද්දි ඒ ගැන ජනාධිපතිතුමා කතා කරනවා , අමාත්‍යාංශය කතා කරනවා . විදුලි බල මණ්ඩලය කතා කරනවා . නමුත් මෙය රටේ වැඩසටහනක් බවට පත් විය යුතුයි. අපි මේ කතා කරන ප්‍රවාහන ක්ෂේත්රය පමණක් නෙවෙයි ඊට සම්බන්ධ අනෙකුත් සියළුම ආයතන , සියළුම දෙපාර්තමේන්තුවල ඒ සඳහා එක් වැඩපිළිවෙළක් සකස් විය යුතුයි.”
” ආණ්ඩුවේ ආයතනවල තියෙන ගමන් බිමන් එක්ක මේ වාහන ගැළපෙනවද . දැන් අපිට කිලෝ මීටර් 150 ක් 200 ක දුරක් ගිහින් ආයෙත් අපිට හැරිල එන්න පුළුවන්කම තියෙනවා ද?. ඒ සඳහා දැනට ලෝකයේ වාහන නිෂ්පාදනය වෙලා තියෙනවා ද?.
“නිකම් කතා කළාට වැඩක් නැහැ ප්‍රායෝගික වෙන්න ඕනිනෙ. මොන මට්ටමටද අපිට යන්න පුළුවන් කියල බලන්න ඕනි. අපේ යෝජනා නිකම් අහසේ තියෙන යෝජනා වෙන්නෙ නැතුව ආණ්ඩුව විසින් 100%ක් විදුලි වාහන කරා ගමන් කළත් වැඩක් නැහැ ආණ්ඩුවේ අවශ්‍යතා ටික ඉටු වෙන්නෙ නැත්නම් .ඒ වගේම බස් ටික ගත්තොත් බස්වල දුර යන්න පුළුවන් ඒව තියෙනවා ද? මූලික අදියරේ දී කොළඹ අවට ධාවනය කොහොමද සිදු කරන්නේ වගේ ඇක්ෂන් ප්ලෑන් එකක් ක්‍රියාත්මක විය යුතුයි.
ඉලෙක්ට්‍රික් වෙහිකල් ක්‍රියාත්මක කරනවා නම් අදාළ මිල ගණන් සකස් කළ යුතුයි. මෙහි බදු මුදල සීරෝ විය යුතුයි . එහෙම නැත්නම් ඩීසල් වාහනවලට වඩා අවම අවම විය යුතුයි . එහෙම වුණොත් තමයි මේක ප්‍රමෝට් කරන්න පුළුවන් වෙන්නෙ.ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නෙ මෙන්න මේ වගේ යෝජනාවලියක් හැබැයි ප්‍රායෝගිකව. ”
මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා :-
ජනාධිපතිතුමා විසින් පෞද්ගලිකව පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත කිරීමට ලොකු උත්සහයක් දරනවා.
මෙහිදී එම වගකිමෙන් වැඩි ප්‍රමාණයක් දුමින්ද දිසානාය ඇමතිතුමාට භාර දී තිබෙනවා . මටත් පෞද්ගලිකව කිව්ව එතුමාගේ මේ වැඩසටහන සාර්ථක කර ගන්න පුළුවන්උපරිම විදිහට දුමින්ද ඇමතිතුමාට සහය ලබා දෙන්න කියල.
ඒ අනුව දුමින්ද අමාත්‍යතුමන්ට පරිසර අමාත්‍යතුමන් විදිහට වගේම කැබිනට් අමාත්‍යවරයෙක් ලෙසත් මේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහය ලබා දීමට මම කටයුතු කරනවා .
මෙම කමිටු රැස්වීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන අමාත්‍යවරුන් සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ , අතිරේක ලේකම් පරිසර අමාත්‍යාංශය, අධ්යක්ෂ (ක්‍රමසම්පාදන) වාහන නියාමන හා බස්රථ ප්‍රවාහන සේවා අමාත්‍යාංශය, ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී ලංකා දේශගුණ අරමුදල , සභාපති- cv club sri lanka , කොමසාරිස් ජෙනරාල් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, අතිරේක ලේකම්, ප්‍රවාහන අමාත්‍යාංශය, අධ්යක්ෂ ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, අධ්යක්ෂ -ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරය , අධ්යක්ෂ පරිසර අමාත්‍යාංශය , සාමාන්‍ය අධිකාරි විදුලිබල මණ්ඩලය, අධ්යක්ෂ ( සැලසුම්) ඊයේ සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය නි. අධ්යක්ෂ ( සැලසුම්) ඊයේ සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.