ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ඊයේ (10) දිනට යෙදි ඇති බවත්, එවන් දිනයක වුවද වතුකරයේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වි ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය ඊයේ (10)දින මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.
එම මානව හිමිකම් මධ්‍යස්ථානයේ සංවිධායක අලගන් සෙල්වරාජ් කියා සිටියේ මානව හිමිකම් උල්ලංඝනය විම නිසා වතුකරයේ වැඩ කරමින් සිටි ලක්ෂ පහක පමණ වතු කම්කරු ප්‍රජාව මේ වන විට එක් ලක්ෂ තිස්දහසක් දක්වා පහත වැටි ඇති බවයි.
වතුකරයේ තේ දළු නෙලන වතු කම්කරු කාන්තාවන්ගේ යටිතල පහසුකම් නංවාලිමට පාලන අධිකාරිය කටයුතු කර නොමැති බවත්, ලෝකයේ කිසිදු රටක මෙවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවයි මානම හිමිකම් මධ්‍යස්ථානය කියා සිටියේ.
දැනට වතුකරය නියෝජනය කරමින් සේවය කරන වතු කම්කරුවන්ට නිවාස හෝ ඉඩම් නොමැති බවත්,ඔහුන්ගේ අනාගත පරම්පරාවට මේ කේදනිය තත්ත්වය උද්ගත වි ඇති බවයි එම මානව හිමිකම් සංවිධානය කියා සිටියේ.
මේ පිලිබදව වතු කම්කරුවන් නියෝජනය කරන වතුකරයේ වෘත්තිය සමිති නායකයින්වත් සොයා නොබලන බවත්, පවත්නා තත්ත්වය මත මෙරට තුල තේ කර්මාන්තය කඩා වැටිමේ අවධානමක් පවතින බවද අලගන් සෙල්වරාජ් මහතා වැඩිදුරටත් කියා සිටිහ.
මෙම මාධ්‍ය හමුවට එම සංවිධානයේ ක්‍රියාකාරි සමාජිකයන් වන රාජ් ජිවන් රාජෙන්ද්‍රන් ,එම්.එච්.සුමනසිරි යන මහතුන්ද සහභාගි විය.
හැටන් – රංජිත් රාජපක්ෂ