Aboutceylon Online

කිලෝමීටර් 20,000ක් සංක්‍රමණ කර ‘මැණිකේ’ යළි දිවයිනට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට පක්ෂි සංක්‍රමණ අධ්‍යයනයේ සුවිශේෂි අවස්ථාවක් ලෙස , ඒ, GPS- ටැග් කරනු ලැබූ හියුග්ලින් ගලුවියෙක් (Heuglin’s Gull) කිලෝමීටර් 20,000කට ආසන්න සංක්‍රමණ චක්‍රයක් සම්පූර්ණ කර යළි දිවයිනට පැමිණීම නම් කළ හැකිය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායම විසින් මෙහය වූ මෙම පරීක්ෂණය සඳහා යොදා ගත් හියුග්ලින් ගලුවියා (Heuglin’s Gull) නම් කර ඇත්තේ, “මැණිකේ” යන අන්වර්ථ නාමයෙනි.

ඇයගේ සුරක්ෂිත පැමිණීමත් සමග අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවි කරන ලද පක්ෂීන් අතුරින් පූර්ණ සංක්‍රමණ චක්‍රයක් අවසන් කළ ප්‍රථම පක්ෂියා ලෙස මැණිකේ ඉතිහාසයට එක්වනු ඇත.

මන්නාරම සිට යුරෝපීය ආක්ටික් කලාපය කරා පියාසර කළ මැණිකේ. උතුරු සංක්‍රමණික මාර්ගය හරහා ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා දකුණු සංක්‍රමණික මාර්ගය යොදා ගෙන ඇති අතර, ඒ මාර්ග දෙක එක්ව ගත් කළ “මැණිකේගේ” සංක්‍රමණ චක්‍රයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 19,360 කි.

2021 අප්‍රේල් මාසයේදී මැණිකේට අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවිකිරීම (sattelite-tagging) සිදු කෙරුණේ, මන්නාරම දූපතේදී ය.

පුරා දින 20 ක් මන්නාරම දූපත සහ රාමාගේ පාලම ආශ්‍රිතව නැවතී සිටි ‘මැණිකේ’ අප්‍රේල් මස අග භාගයේදී මන්නාරමෙන් පිටත් වී ඇත.

තරමක වෙනස් මාර්ගයක් භාවිත කරමින් යමල් අර්ධද්වීපයට ළඟා වූ මැණිකේ යමල් අර්ධද්වීපයේ කැදලි තනන්නට පෙර යුරෝපියානු රුසියාවට ඇතුළු වී ඇත්තේ, යූරල් කඳු තරණය කරමිනි.

ජුනි සිට අගෝස්තු දක්වා වූ ආක්ටික්හි ග්‍රීෂ්ම සෘතුවේදී අභිජනනයේ නිරත වූ මැණිකේ, ආපසු හැරී පළමුවෙන්ම දකුණු සංක්‍රමණය ආරම්භ කර ඇත්තේ, අගෝස්තු අගභාගයේදී ය.

ආක්ටික්හි තම ග්‍රීෂ්ම නිවහනෙන් ප්‍රථමයෙන් පිටත් වූ මැණිකේ, ශ්‍රී ලංකාවෙන් පිටත්ව මාස 06 කට සහ දින 09 කට පසු පසුගිය නොවැම්බර් 04 වැනි දින, තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවේ මන්නාරමට යළි ළඟා වී ඇත.

මැණිකේගේ මෙම ගමන තවත් සුවිශේෂී වන්නේ, ඇය ශ්‍රී ලංකාව සහ යුරෝපියානු ආක්ටික් කලාපය අතර පවතින පාරිසරික සබැඳියාවට ප්‍රථම සාක්ෂිය ද සපයන බැවිනි.

Scroll to Top