Aboutceylon Online

ජනපතිට පොලිස් උත්තමාචාර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර ඇගැයීමට ලක් කරමින් උපහාර පිළිගැන්වීම අද (15) පෙරවරුවේ සිදු විය.

අද පෙරවරුවේ පොලිස් දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා පොලිස් උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය.




අනතුරුව ජනාධිපතිතුමා පොලිස් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සමඟ හමුවකට එක් විය.

ගුණාත්මක සහ මහජනතාවට සමීප පොලිස් සේවාවක් රට තුළ ස්ථාපනය කිරීම වෙනුවෙනුත්,  පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණියේ නිලධාරින්ගේ සිට ඉහළ නිලධාරින් දක්වා සියලුදෙනාගේ ගැටලු විසඳමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙනුත් ජනපති ගත් පියවර මෙහිදී ඇගැයීමට ලක් කෙරිණි.

Scroll to Top