කැලණි ගඟ ද්‍රෝණියේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ ,කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල පහත් බිම් ආශ්‍රිතව ඉදිරි පැය 6 -12 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනයේද පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මාතලේ, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා කීවේය.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි එම දෙපාර්තමේන්තුව පවසයි.