Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පාකිස්ථානය අපරාජිතව අවසන් පුර්ව වටයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහභාගී වූ 5 වන තරගයද ජය ගැනීමට පකිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 72 කින් ජය ගැනීමත් සමගයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 189 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී කඩුළු 6 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 117 ක් පමණයි.

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය සහ නවසීලන්තය සුදුසුකම් ලබාගෙන තිබේ.

ඒ අනුව ප්‍රබල ඉන්දීය කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.

අවසන් පූර්ව වටයේ තරග දෙක නොවැම්බර් මස 10 වෙනිදා සහ 11 වෙනිදා පැවැත්වීමට නියමිතය.

 

news paper sinhala
Scroll to Top