විස්සයි 20 ලෝක ක්රිකට් කුසලානය අවසන් වරට දිනා සිටි ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පිතිකරණය, පන්දු යැවීම හා පන්දු රැකීම යන සෑම අංශයෙන්ම ප්රබල දක්ෂතා දැක්වූ ශ්රී ලංකා තරුණ ක්රිකට් ක්රීඩකයෝ ඊයේ අබුඩාබි ෂෙයික් සහීඩ් ක්රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද පැවැති තරගයෙන් ලකුණු 20ක විශිෂ්ට ජයක් වාර්තා කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 189ක් රැස් කළේය.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 68ක් රැස්කළ අතර පැතුම් නිශ්ශංක ලකුණු 51ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 169ක් පමණි.
මේ අවසන් තරගයේදී ශ්රී ලංකාවට ගෞරවයක් ගෙන දෙමින් තරගය නිමා කිරීමට තරුණ ශ්රී ලංකා ක්රීඩකයන් දැක්වූ දක්ෂතා ක්රිකට් විචාරක පැසසුමට පාත්ර විය.
මේ අයුරින් සටන්කාමී ලෙස ක්රීඩාවේ නියැළෙන ශ්රී ලංකා ක්රිකට් පිලට ඉදිරියේදී ඉතා පැහැබර අනාගතයක් ඇතැයි ක්රිකට් විචාරක මතය වී තිබේ.