ජාතික මෙන්ම ජාත්‍යන්තරවද සංස්කෘතික උරුම ක්ෂේත්රයට සිදුකළ දායකත්වයත්, ICCROM ආයතනයේ සංවර්ධනයට කළ අගනා මෙහෙයත් සනිටුහන් කරමින් 2021 වර්ෂයේ ICCROM සම්මානය ආචාර්ය ගාමිණි විජේසූරිය මහතාට පිරිනමා ඇත. කීර්තිමත් වාස්තු විද්‍යාඥයෙකු හා පුරාවිද්‍යාඥයෙකු ද වන එතුමා හට මෙම සම්මානය 2021 ඔක්තෝම්බර් 26 වන දින රෝමයේ ICCROM ආයතනයේ පැවති උත්සවයකදී පිරිනැමුණි.
සම්මානය පිළිගනිමින් සිදුකළ කතාවේදී ආචාර්ය විජේසූරිය මහතා මෙය සමස්ත උරුම කළමනාකරණ ක්ෂේත්රය සැදුම් ලත් සුවිශේෂී මානව සමාජයම ඇගයීමට ලක් කළ අවස්ථාවක් ලෙස නම් කළේය. තමාද ක්‍රියාකාරීව දායක වූ, මහජනතාව කේන්ද්‍ර කරගත් උරුම ක්‍රියාන්විත පිළිබඳ මතකය අවදි කරමින් උරුම කළමනාකරණ විෂයේදී පාරම්පරික සමාජය එහි කේන්ද්‍රය ලෙස සැලකීම පිළිබඳව තිබූ විවාදාත්මක තත්ත්වය යහපත් මානයකට හැරීම පිළිබඳව තමා වඩාත් සතුටට පත්වන බවද සඳහන් කළේය.
ස්වභාවික වටපිටාවකට වඩාත් අනුගත වෙමින් “උරුමය” මුළු මහත් ජන සමාජයේ හා පරිසරයේ “සක්‍රීය” ස්ථාන බවට පත් කිරීමේ ක්‍රියාවලියේ ඉහළ තලයකට පත් වීමත් සමඟ උරුමය හා උරුම කළමනාකරණය වඩාත් දියුණු තත්වයකට පත් කිරීමට හේතු වන සාධක, මානව සංහතිය සමඟ කෙතරම් සමීපව බැඳී තිබේදැයි එතුමා පැහැදිළි කළේය.
ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අංශ ප්‍රධානි ලෙස වසර 18 ක් සේවය කළ අතර, ලෝක පුරාවිද්‍යා සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙසද විශිෂ්ට සේවයක් ඉටු කර ඇත. ලෝක උරුම ප්රඥප්තිය වෙනුවෙන්ද ICOMOS ශ්‍රී ලංකා ආයතනයේ ආරම්භක සාමාජිකයෙකු ලෙසද ඉටු කළ සේවය ඉමහත්ය. එමෙන්ම ලාඕසය, ඉන්දියාව හා පාකිස්තානයේ උරුමයන් පිළිබඳ ICOMOS කමිටු නියෝජනය කර ඇත. පවතින රාමුව තුළ ධනාත්මක වෙනසක් සඳහා ජවයක් ලබා දුන් නවසීලන්තයේ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පළාත් විද්‍යාඥ තනතුර ද විශේෂ ස්ථානයක් ගනී.
එමෙන්ම පැරණි ඕලන්ද රෝහල සහ මිරිසවැටිය චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථ ප්‍රහාරයෙන් විනාශ වූ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආදී ඉතා වැදගත් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු රැසකට නායකත්වය දුන්නේය.
ICCROM කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස 90 දශකයේ සිට කටයුතු කළ ආචාර්ය විජේසූරිය 2004 වර්ෂයේ දී එම ආයතනයේ නිත්‍ය සේවයට බැඳුණි. “සක්‍රීය” උරුමය, උරුම කළමනාකරණය සඳහා ජනතා කේන්ද්‍රීය ක්‍රියාන්විත හඳුන්වා දෙමින් ස්මාරක සංරක්ෂණය පිළිබඳ නව මාන එළි දක්වමින් එම විෂය පථය පුළුල් කිරීමටත් එතුමා පුරෝගාමි විය.
ලෝක උරුම ස්ථාන පිළිබඳව පුහුණු පාඨමාලා වැඩිදියුණු කිරීමට විශාල වශයෙන් උරදුන් එතුමා ICCROM ආයතනයේ වඩාත් ඵලදායි වූ ලෝක උරුම නායකත්ව වැඩසටහන ඇතුළු වෙනත් පුහුණු කිරීම්, පර්යේෂණ හා ප්‍රකාශන මඟින් රටවල් 100කට අධික උරුම ක්ෂේත්රයේ වෘත්තිකයන් දහස් ගණනකට ප්රතිලාභ අත්කර දීමට සමත් විය .
2017 ICCROM ආයතනයෙන් විශ්‍රාම ලැබුවද, එහි අධ්යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ උපදේශකයෙකු ලෙස කටයුතු කරන අතර වෙනත් ජාතික හා ජාත්‍යන්තර තනතුරු ගණනාවක් හොබවයි. ඒ අතර චීනයේ ෂැංහයි නුවර WHITRAP ආයතනයේ අධ්යක්ෂවරයාගේ විශේෂ උපදේශක තනතුර, ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශන මණ්ඩල සාමාජික වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් පරම්පරා ගණනාවක පුරාවිද්‍යා උරුම කළමනාකරුවන්ගේ “ගුරු” බවට ද පත්වී ඇත.
නොවැම්බර් 11 වන දින ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ඒ මහතාව මහත් හරසරින් පිළිගැනීමට කටයුතු සංවිධානය කර ඇත.