මැද කොළඹ රොටරි සමාජයේ ආර්ථික හා ප්‍රජා සංවර්ධන ප්‍රධාන ව්‍යාපෘතිය, කොස්ගොඩ ප්‍රදේශයේ ගොවීන්ට ‘වී’ හා ‘එළවළු’ අක්කර 200ක් වගා කිරීම සඳහා නොමිලේ කාබනික පොහොර බෙදාදීම සහ පොහොර නිෂ්පාදනය කිරීම සඳහා දියර පොහොර සහ වියළි කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික දැනුම ලබාදීම සිදුකැරිණි.
මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණු අතර ඩී අමරපාල පෙරේරා මහතාද මේ සඳහා දියර පොහොර (100 ගුණයකින් තනුක කළ හැකි) ටින් 50ක් නොමිලයේ ලබාදීමට අනුග්‍රහය දැක්වීය.
මධ්‍යම කොළඹ රොටරි සමාජය වෙනුවෙන් ඔවුන්ගේ ඉදිරි වගා කාලය සඳහා වියළි සහ දියර පොහොර නිෂ්පාදනය කරන ආකාරය ඉගැන්වීමට කළුතර පොලිස් විද්‍යාලය් ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතා එකඟ විය.
කොස්ගොඩ ප්‍රදේශයේ ගොවීන් 50 දෙනකු මෙම ව්‍යාපෘතියට සහභාගී වූ අතර ඔවුන්ට මෙම දියර පොහොර සහ අනෙකුත් උපකරණ මහාචාර්ය චන්දන ජයරත්න මහතා අතින් ලබා දුන් අවස්ථාවයි මේ.