මේ ඕරා කියන වචනය ගත්තෙ ගොඩක් අයට සිංහල භාෂාවෙ විදියට රශ්මි කදම්බය කිව්වොත් එතරම් මනසට වදින් නෑ…ඒකට හේතුව තමන්ට හුරු වචනයක්නෙ….එිකයි ඉංග්‍රීසි භාෂාවෙ වචනය යොදා ගත්තෙ…
හරි විශ්ව ශක්තියෙදි මූලික වෙන ඕනම සත්ත්වයෙක්ගෙ/ වස්තුවක ශක්ති ප්‍රමාණය මත විහිදෙන මේ රැස් වලල්ල ගැන දීර්ඝව පසුව පැහැදිලි කරන්නම්……
දැන් මේ රැස් වලල්ල වෙනස් වෙනවා නිරතුරුවම…එහෙම වෙන්නෙ ඔබේම ක්‍රියාකාරකම් මත…ඒ ගැන පොඩි යමක් කියන්නයි මේ සූදානම…
ඔබ දවසට අවස්ථා කීයක් තරහ ගන්නවද?
හරි…නිදාගන්න කලින් එක විනාඩි පහක් අරන් කල්පනා කරන්න ගත කර දවස ගැන…
අවස්ථා කීයක් තරහ ගත්තද…?
ඒ වැඩකට ඇති දෙයකටද?
ඒ හේතුවෙන් තවත් කොතරම් වැඩ අතපසු වීම් හිත් රිදීම් ඇති වුනාද?
උදාහරණයකට ඔබ අද දවසට එක අවස්ථාවක් තරහ ගත්තා කියලා හිතමු…ඔබ එනවා මුහුණු පොතට…දේශපාලන සිදුවීමක් දකිනව..තරහක් ඇති වෙනවා…ඒ තරහ පිට කරන්න අදහසක් දානව..ඒක දකින තව කෙනෙක් ගැටුමට එනවා….ගැටුම දුර දිග යනවා…සිතුවිලි වේගවත් වෙනවා…දැඩි කෝපකාරී ආවේගශීලී වචන හුවමාරු වෙනවා..
ඔය අතරෙ ගෙදර පූසා ඇවිත් කකුලෙ ඇතිල්ලුනද….වදින්නෙ එයාටත් පා පහරක්…එක සිදුවීම කෙන්ද්‍රය කරගනිමින් ඒ වටා තව තව හේතු ගොඩ ගැහෙමින් වෙන දේක අවසන් ප්රථිඵලය ඉතා විනාශකාරී විය හැකි…..
එතකොට මේ සියල්ලට මුල අනවශ්‍ය දෙයක අන්තයක යෑමට උත්සාහ දැරීම මත විශ්ව ශක්තිය දුර්වල වී ඔබ නිකරුණේ අපහසුතාවයට පත්වී බොහෝ දේ අහිමි කරගන්නව…
සිහිය විකල් කරන මත්පැන් බීම නුසුදුසු බවට බුද්ධ දර්ශනය තුල සඳහන් වෙන්නෙත් මේ නිසානෙ…මත්පැන් බිව්වා නැතා තරහ අරගෙන මනස විකෘති කරගත්තත් වෙන්නෙ ඕරා එක දුර්වල වෙන එක…
හරි….පැහැදිලි ඇති කියලා හිතනව සරලවම තේරුම් කරන්න උත්සාහ ගත් දේ….
අද ඉදන් නිකරුණේ තරහ ගන්න එක අඩු කරගන්න..රෑට කල්පනා කරලා අවස්ථා ගණන ඊලඟ දවසෙ අඩුකරගන්න…නිහඬව කල්පනා කරනකොට තරහ ගිය හේතුව ගැන තනියම හිනා යයි…ලැජ්ජ හිතෙයි තමන්ටම…ඔය තරහ යන එක අඩු කරගත්තෙ නැතිනම් ඉතින් විශ්ව ශක්තිය ලබනව බොරු…
හරි වැඩි කතා අවැසි නෑ…
තරහ යන එක වගෙ අඩු කරන විදිය ගැන තවත් රහසක් කියන්නම් ඊළඟ ලිපියෙන්..
තෙරුවන් සරණයි..
ජේසු පිහිටයි…
සියලු යහපත් ආගමික ශාස්තෘවරුන්ගේ අාශිර්වාදයයි!!!