Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දිවයින පුරා හෙළ බොජුන්හල්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න, නිසි පෝෂණයෙන් යුත් පිසූ ආහාර අලවි කිරීමේ අරමුණින් දිවයින පුරා හෙළ බොජුන්හල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල මේ වන විට සමෘද්ධි අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරයි.

ඒ අනුව ඊයේ (31) මාතලේ දිස්ත්‍රික්කයේ, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඉබ්බන්කටුව ප්‍රදේශයේ , නව හෙළ බොජුන්හලක් සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙය සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනලද නව ව්‍යාපෘතියකි.

Scroll to Top