ශ්රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිමේ රැලියක් හැටන් කොටගල ප්රාදේශිය සභා ක්රිඩාංගණයේදි පැවැත්විණ.
කොටගල ප්රාදේශිය සභා ක්රිඩාංගණය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව වතුකරයේ ජනතාව උණුසුම් අයුරින් පිලිගනු ලැබුවා.
ලංකා කම්කරු කොන්ග්රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා විසින් මෙම රැලිය සංවිධානය කර තිබුණි.
මෙම රැලියට ශ්රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ,ලංකා කම්කරු කොන්ග්රසයේ නායක නුවරඑලිය දිස්ත්රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් ,මහනුවර දිස්ත්රික් පා.ම එස්.බි දිසානායක , නුවරඑලිය දිස්ත්රික් පා.ම සි.බි රත්නායක , පා.ම දිනේෂ් ගුණවර්ධන , පා.ම උදය ගම්මන්පිලම , මහනුවර දිස්ත්රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ යන මහතුන් සහභාගි විය.
මෙම රැලියට වතුකරයේ ජනතාව විශාල පිරිසක් සහභාගි විය.