ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ, නුවරඑළිය සහ කදපොල ප්රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි, එළවළු වගාවට හානි.
ඉහල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් (29) දින රාත්රියේ විවෘත කර ඉන් වාන් දොරටු දෙකක් මේ වන විට වසා දමා ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
නුවරඑලිය සහ කදපොල ප්රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය, හාවාඑලිය ,නුවරඑලිය නගරයේ පහත්බිම් රැසක් සහ නිවාස රැසක්ද ජලයෙන් යට වි තිබු බවත්, කදපොල ගල්පාලම ප්රදේශයේ පහත්බිම් ප්රදේශවල පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වු බව නුවරඑලිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
නුවරඑලිය නගරයේ සහ හාවාඑලිය ප්රදේශයේ ප්රධාන මාර්ගය හරහා වැසි ජලය ගලා බැසිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා පැමිණ තිබුණි.
ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු තුනක් විවෘත කර ඇති බවද නුවරඑලිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂකවරයා පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ