Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මිනිපේ මැද කැලේ,උඩගල් දෙබොක්ක, ගල මුදුන ඒකාලෝක වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය පෙබරවාරි 13 වන දින හසලක,මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ අති දුශ්කර ගම්මානයන් වන මැද කැලේ,උඩගල් දෙබොක්ක,ගල මුදුන යන ප්‍රදේශ සූර්ය බල සුලං,ජල විදුලි ජනන වියාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වරයාගේ නිරීක්ශනයට ලක් විය, එහිදී ප්‍රදේශයේ මෙතෙක් කිසිදු රජයක අවධානයට ලක් නොවූ යටිතල පහසුකම් පිළිබඳව එතුමන්ගේ දැඩි අවධානයට ලක් විය.

විදුලි බලය නොමැති කමින් ඔවුන් විදින පීඩාකාරී තත්වය සලකා බැලූ අමාත්‍ය වරයා මෙතෙක් විදුලි ආලෝකය නෙත නොගැටුන ජනතාවගේ විදුලි බල සිහිනය යථාර්ථයක් කිරීමට කඩිනම් පියවර ගනු ලැබුවේ එම අවස්ථාවේදීමය.

පවුල් 88 ක ජනතාව කිලෝමීටර් ගනනාවක් පාගමනින් තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට පා ගමනින් ගමන් කරන්නේ අති දුෂ්කර මං සලකුණු පමණක් ඇති කදු හෙල් මතින් ගමන් කරන මාර්ගයකය,පාසල් දූ දරුවන්ගේ අධ්‍යාපනයට ආලෝකය වන්නේද එදා මෙදාතුර කුප්පි ලාම්පු එළිය පමණි.වයෝවෘද්ධ මවු පියන්, ගිලන් වූ ජනතාව සියලු දෙනා විදුලිය නොමැතිකමින් විදි පීඩා අපමනය. මෙම ගම්මානයට අමාත්‍ය වරයෙක් පැමිණියේ ප්‍රථම වතාවටය.

ගල මුදුන 25KM,උඩගල් දෙබොක්ක 25KM,මැද කැලේ 20 KM ලෙස මෙම ගම්මාන වලට දුරින් ජාතික විදුලි බල පද්ධතිය ගමන් කරයි. ජාතික පද්ධතිය මෙතරම් දුරක් රැගෙන යාමට අති විශාල මුදලක් වැය වන හා ඉතා දුෂ්කර කාර්යක් වන හෙයින් අමාත්‍ය වරයා මෙයට විසදුම් සපයමින් සූර්ය බල ධාරිතාවයෙන් එම ජනතාවගේ විදුලි අවශ්‍යතාව සපුරාලීමට උපදෙස් ලබාදුන්නේය.

වසර 2030 දී 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය වෙත ගමන් කිරීම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් මේ වන විට ශක්තිමත්ව ක්‍රියාත්මක වෙමින් පවතී ඒ,

* මහා පරිමාන ජල විදුලි බලාගාර.

* පොලව මත සවිකරන සූර්ය බලාගාර.

* සුලං බලාගාර (පොලව මත/සුලං මත).

* පියැසි මත සවි කරන සූර්ය බල පද්ධති.

* ජලය මත පාවෙන සූර්ය විදුලි බලාගාර.

* කුඩා පරිමාන ජල විදුලි බලාගාර.

* භූතාප විදුලි බලාගාර.

* ජෛව ස්කන්ධ විදුලි බලාගාර.

* මුහුදු රල මගින් විදුලිය නිපදවීම යන පුනර්ජනනීය බලශක්ති වියාපෘති මගින්ය.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හරහා මෙම ගම්මාන වලට වෙන වෙනම බල පද්ධති 3 ක් හා ජනන විදුලිය ගබඩා කිරීමට හැකි බැටරි ගබඩා පහසුකම්ද සපයා ඇත.ඔවුන්ගේ ආර්ථික තත්වයන් හා බිල්පත් ගෙවීම කෙරෙහි අවධානය යොමුකළ අමාත්‍යවරයා බිල්පත් ගෙවීමට පෙර ගෙවුම් ක්‍රමයක්ද මෙම විදුලි සැපයුමට එක් කිරීමට කටයුතු කලේය.

මෙම යෝජනා ක්‍රමයට රුපියල් මිලියන 56.5 ක මුදලක් රජය වැය කරන අතර ඒ සැමට විදුලිය තේමාවෙන් සියලු දෙනාට විදුලිය ලබාදීමේ ඉලක්කය සපුරාලීම සඳහාය.බල පද්ධතිය ස්ථාපිත කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර වියාපෘති ආරම්භයට, නියමිත ක්‍රමවේද අනුව තෝරාගත් සමාගම් සමග ගිවිසුම් වලටද එළැඹ අවසන්‍ අතර අද(29) දිනයේදී ව්‍යප්පෘති වල වැඩ ආරම්භ කිරීමට නියමිතය.

Scroll to Top