ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
තරගයේ ජයග්‍රහණය ට අවශ්‍යව තිබූ ලකුණු 155 පන්දු ඕවර 17කදි කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ට හැකියාව ලැබුණි.
ඩේවිඩ් වෝනර් ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුණි.
වෝනර් ලකුණු 18ක් ලබා සිටියදී කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා ට පහසු උඩපන්දුවක් ලබා දුන් අතර ඔහුට එය ගිලිහී ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළග තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම සමග සෙනසුරාදා (30) සවස 3.30ට පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් අවසන් වටයට පිවිසිමට පහසුවක් වනු ඇති බව විචාරකයන් පවසයි.