Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දෑවැද්දට ක්‍රිප්ටෝකරන්සි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය සතිඅන්තයේ ඉරිදා ජාතික පුවත්පතක මංගල යෝජනා දැන්වීම් තීරයේ පළ කරන ලද දැන්වීමක් මෙහි දැක්වේ.

අදාළ මනාලිය වෙනුවෙන් ඇගේ දෙමව්පියන් විසින් දෙනු ලබන දායාදය හෙවත් දෑවැද්ද ක්‍රිප්ටෝකරන්සි වශයෙන් ලබා දෙන බවට සඳහන් කර තිබීමයි.

දේපොළ ඉඩකඩම්, රථවාහන, රත්‍රන් වැනි සම්ප්‍රදායික දායාද වත්කම්වලින් ඔබ්බට ගොස් මෙයාකාරයේ අතථ්‍ය වත්කම්වලට වැඩි නැඹුරුවක් ඉදිරියේ අනාගතයේ දී අපට දක්නට ලැබුණොත් එය පුදුම විය යුතු කරුණක් නොවේ.

සමාගම් කොටස් හා ක්‍රිප්ටෝකරන්සි යනු ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකි අයෝජනයන්ය. නමුත් ප්‍රතිලාභය ඉහළ යන තරමටම මේවායේ ඇති අවදානම ද ඉතා ඉහළ බව කිව යුතුය.

ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝකරන්සි භාවිතය, ආයෝජනය හෝ ගනුදෙනු කිරීම සම්බන්ධ නියාමන ආරක්ෂාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවා මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ එකී අවදානම නිසාය.

Scroll to Top