ගිනිගත්හේන අඹගමුව විල්කඩ අමුණට මිරිදිය මත්ස්‍ය පැටවුන් 750 ක් මුදා හැරිම වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
නුවරඑලිය ජයන්ට් කාෆ් මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මත්ස්‍ය පැටවුන් මෙසේ විල්කඩ අමුණ වෙත අමාත්‍යවරයා විසින් මුදා හරිනු ලැබුවේ.
නුවරඑලිය ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යාලය විසින් මත්ස්‍ය පැටවුන් මුදා හැරිමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.
ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යාල විසින් ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයද අමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක් විය.
දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවලට සහ රෝහල් වලට විසිතුරු මත්ස්‍ය පැටවුන් ඇති කිරිමේ වැඩපිලිවෙලක් දියත් කරන ලෙස අමාත්‍යවරයා විසින් ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරිය වෙත කරන ලද යෝජනාවක් ක්‍රියාවට නැංවිමට කටයුතු කරන බවයි නුවරඑලිය ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යාලයේ ව්‍යාප්ති නිලධාරි බුද්ධික කුෂාන් මහතා කියා සිටියේ.
හැටන් – රංජිත් රාජපක්ෂ